Dar[K] ගැන කෙටියෙන්…
හ්ම්ම් මට හිතුනා මේ සටහන් පොත කියවන්න එන ඔයාලට මම ගැන පොඩ්ඩක් කියන්න ඔනේ කියලා ..
මගේ නම නලින් කාරියවසම්. ස්කොලේ ගියේ අම්බලන්ගොඩ ධර්මාශොක විද්‍යාලයට… ස්කොලේ යන කාලේ නම් හොදට පිස්සු නැටුවා… කොච්චර හොදට පිස්සු නැටුවද කියලා කිව්වොත් ප්‍රින්සිපල්ගේ කාර් එකේ රොද වල හුලං ඇරලා දවස් 2ක් විතර පංති තහනමකටත් ලක් උනා..
ඒ කාලේ කරපුවා මතක් වෙන කොට නම් ආයිමත් ස්කොලේ යන්න හිතෙනවා…
මම ඉන්නේ ඇල්පිටියේ.. ඒත් දැන් නම් ඉන්නේ කොළඹ රාජගිරියේ…
දැනට මම APIIT [ ASIA PACIFIC INSTITUTE OF INFORMATION TECHNOLOGY] එකේ Information communication Technology එහෙමත් නැතිනම් උපාධි පාඨමාලවේ පලමු වසරෙ ඉගෙනුම ලබනවා…
හ්ම්ම් දැන් බලමුකො මගේ බ්ලොග්කරණය ගැන…..
හ්ම්ම් ලියනවා නම් ගොඩක් ලියන්න දෙවල් තියෙනවා මේක ගැන…
පොඩ්ඩ පොඩ්ඩ කියන්නම්
මම මුලින්ම බ්ලොග් එකක් කියලා හදුනගත්තේ එලකිරි එකේ තිබුන ලින්ක් එකකින් .. ඒකේ නම ඇවිල්ලා most-wanteddownloadz.blogspot.com මතක විදියට ඒක ඇවිල්ලා සොෆ්ට්වෙයර් ගැන තිබුන බ්ලොග් එකක්… පස්සෙ පොතේගුරාගේ බයිස්කොප් එක ගැන දැනගත්තා… ඒ කලේ සිංහල බ්ලොග් කියල දැනන් හිටියේ බයිස්කොප් එකයි පහන් අය්යගේ පහන්ගේ දිනසටහන් කියන එකයි විතරය්…
පස්සෙ පොතේගුරාගේ මාර්ගයෙන් සිංහල බ්ලොග්කරණය හා සිංහල බ්ලොග් ලියන්නන්ගේ එකමුතුව [ Sinhala blogger union] සෙට් උනා.. සෙට් උනා කිව්වට කරේ සින්ඩියේ තියෙන බ්ලොග් කියවන එක විතරයි
පස්සේ මාර්තු මාසේ 30ත් වෙනිදා පටන් ගත්තා ” ඩාර්ක්ගේ ඔන්ලයින් දිනපොත” – මගේ මුල්ම බ්ලොග් එක …
දැන් මේ වෙනකොට මගේම කියලා ඩොමේන් එකක්… මගේම කියලා වෙබ් අඩවි තුනක්…. බ්ලොග් අඩවියක්… මයික්‍රො බ්ලොග් එකක් [කලාතුරකින් තමා ලියන්නේ] තියෙනවා… ඒ වගේම එලබෙන මාර්තු 28 වෙනිදට මගේම කියලා වෙබ් අඩවි නිර්මාණය කරන ආයතනයක් පටන් ගන්නවා ….
තව කියන්න තියෙන්නේ මම ඉන්න Social Network ටික…
Twitter – GamesLK
Facebook – !nfected xaIn [my personal account ] [ නොවැලක්විය හැකි හේතුවක් මත ගිණුම අක්‍රිය කරන ලදි ]
Facebook Fanpage – Dar[K]ගේ සටහන් පොත
Skype – nalina.kariyawasam
GTalk – maxxiz6
Yahoo – nalinak4u
මෙව්වා වල තමා මම වැඩියම ඉන්න තැන්…
අහ් අමතක වෙනවා තව පොඩ්ඩෙන්… මාව කොන්ටැක් කරගන්න ඔනේ අය ඉන්නවා නම් මෙන්න මේවා භාවිතා කරන්න..
Email – admin@dcreation.info | maxxiz6@gmail.com | info@dcreation.info
මෙයට මාගේ ෆේස්බුක් ගිණුම් දෙක එනම් වැඩිපුර භාවිතා නම ගිණුම් දෙක ඇතුලත් නොකරේ ඒවායින් වැඩිය ගණුදෙනු නොවන බැවිනි…


