Bruce Lee | කෙටි මතක සටහනක්
ඔක්කොටම කලින් කියන්න ඔනේ කාරණා දෙකක් තියෙනවා එකක් මේ ලිපිය ලියනුවේ ඊයේ දිනට බෲස් ලී අප අතරින් සමුගෙන වසර 30ක් පිරීම නිමිති කරගෙන. දෙවන කාරණයසියලුම බයිස්කොප් සිංහලෙන් අඩවියේ රසිකයින්ගෙන් සමාව ඉල්ලීමට
ඒ මීට මාසයකට විතර කලින් [ සමහරවිට ඊටත් වඩා වැඩි ඇති] මම බෲස් ලීගේ Enter TheDragon චිත්‍රපටියට සිංහල උපසිරැසි යොදන්න පටන් ගත්තා හරියටම ජූලි 20 වෙනිදට දෙන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන. ඒත් අවාසනාවකට මෙන් මීට දිනකිහිපයකට කලින් යන්තන් තිබුන උණ ගතිය 18 වෙනිදා වැඩීවූ බැවින් හා වෛද්‍ය උපදෙස් වලට අනුව දින කිහිපයන් වීවේක ගත යුතුව තිබුන හෙයින් බලාපොරොත්තු වූආකාරයට සිංහල උපසිරැසිකරණය අවසන් කරගත නොහකී වීම නිසා එම චිත්‍රපටිය ලබා දීමට නොහැකී වීම ගැන
ඒ නිසා මම හිතනවා කට්ටිය ඒ ගැන මාත් එක්ක අමනාප නොවේවී කියලා. මම පුලුවන් තරම් ඉක්මනට ඒ චිත්‍රපටිය ලබා දෙන්න පොරොන්දු වෙනවා !!
ඒ එක්කම මම හිතුවාබෲස් ලී ගැන කෙටි මතක සටහනන් තියන්න අපේ මේ සිංහල බ්ලොග් අවකාශයේ. [ දවස් 6කින් විතර කිසිම ආකාරයකින් කිසිම සින්ඩියක් කියවීමට නොහැකී වු නිසා යම්ලෙසකින් වෙනත් අය ලිව්වාද කියන්න නම් දන්නේ නෑ] ලිපිය සමහර විට දිග වැඩි වගේ මට හිතුනොත් කොටස් වශයෙන් පල කරන්න හිතන් ඉන්නවා
නුදුටු Bruce Lee

Bruce Lee කියලා අපි කිව්වට එයාගේ මුල් නම බෲස් ලී කියල නෙමේ තිබිලා තියෙන්නේ. Lee Jun-fan කියලා [ සමහරක් Lǐ Zhènfān යනුවෙන්හදුන්වන්වයි] බෲස් ලී උපත ලබා තියෙන්නේ 1940 November 27 ඇමරිකාවේ කැලිෆොනීයා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කො නගරයේ. තාත්තගේ නම LeeHoi-chuen අම්මාගේ නම Grace Ho ඒත් හැදී වැඩී තියෙන්නේ හොංකොං වල [බෲස් ට වයස මාස 3 වෙද්දි ඔක්කොම අය හොංකොං වලට ගිහින් තියෙනවා] බෲස්ලීට සහොදර සහොදරියො 4ක් ඉන්නවා Agnus,Phoebe,Peter and Robert කියලා.
නමේ තේරුම
Lee Jun-fan කියන්නේ බෲස්ගේ මුල් නම කියලා මම කිව්වනේ කවුරුත් දන්නවාද දන්නේ නෑ ඒ නමේ තේරුම? හරි මේ තියෙන්නේ ඒක
” Jun-fan”කියලා කියන්නේ නැවතත් කියන තේරුම දෙන වචනයක් [ return again] ඒ නම ඔහුට යොදලා තියෙන්නේ ඔහුගේ අම්මා විසින්. මීට අමතරව තවත් චීන නම් 3ක්බෲස්ට යෙදිලා තියෙනවා.
- Li Yuanxin (李源鑫) = පවුලේ නම හෙවත් වාසගම
- Li Yuanjian (李元鑒) = ශිශ්‍යයෙක් ලෙස La Salle Collegeහී ගත කරන අතර තුර
- Li Xiaolong (李小龍) = තරුණ මකරා
සටන් කලාවට යොමුවීම
කුඩා කාලයේ ඉදලාම බෲස් වීදි සටන් වලට යොමුවී ඇතිබවට සාක්ශී තියෙනවා. ඒවායේ ප්‍රතිපලයක් විදියට ඔහුගේ දෙමාපියන් තීරණය කරනවා බෲස්ට සටන් කලාව පිලිබදව නිසි අධ්‍යාපනයක් ලබාදිය යුතුය කියලා. ඒ අනුව තම පියා වෙතින් මාර්ශල් ආර්ට්ස් හෙවත් ආත්මාරාක්ශක සටන් කලාවට මූලික අඩිතාලම [ Wu style tai chi chuan] ලබාගන්නවා.
1954දී බෲස්ගේ සටන් කලා ජීවීතය ලොකු වෙනසකට පත් වෙනවා. Wing Chun කියන සටන් කලාවට [වැරදිනම් නිවැරදි කරන්න] වයස අවුරුදු 13දී යොමු වෙනවා. ඒ Wing Chun ගුරුවරයෙක් වු Yip Man මගින්. Yip ගුරුතුමාගේ ගේ පන්ති ප්‍රායොගික ඒවා වූ අතර එහිදී බෲස් chi sao (trapping hands) drills, wooden dummy techniques, free-sparring යන දේවල් ප්‍රගුණ කරා. එහෙත් බෲස් 100%ක සර්ව ආසියාතිකයෙක් නොවූ බැවින් Yip ගුරුතුමාගේ සිසුන් බෲස් ලී සමග පුහුණුවීම් වලට අකමැති විය. ඒ කාලයේදි ආසියාතික නොවන කෙනෙක්ට මෙම සටන් කලාව ඉගැන්වීම දඩුවම් ලැබිය හැකි මට්ටමේ වැරැද්දක්ද විය.
කෙසේ හො පාසල් යන වයසේ සිටම වීදි සටන් වලට යොමුවීම නිසා 1959දී නැවතත් ඇමරිකාවට යන්නට සිදුවිය. 1961දී වොශින්ටන් සරසවියට බැදුන බෲස් එහිදි රංග කලාව & නාට්‍ය හදාරන ලදීඅනතුරුව 1964දී විශ්ව විද්‍යාලයේදි හමුවු Linda Emery සමග විවාහ විය. Brandon Lee හා Shannon Lee යනුවෙන් දරුවන් දෙදෙනෙක් ලැබුහ.
ඇමරිකානුවන්ට ආත්මාරක්ශක සටන් කලාව ?
ඇමරිකාවට පැමිනීමෙන් පසුන බෲස් ලී ඇමෙරිකානුවන්ට සටන් කලාව උගන්වන පන්ති පවත්වා ඇත. Jun Fan Gung Fu ලෙස එකී සටන් කලා පන්තු නම් කර තිබූ අතර එහෙත් එය වඩා ප්‍රසිද්ධ වූයේ Bruce Lee’s Kung Fu යන නමින් ය. එහි මූලිකවම ඉගන්වන ලද්දේ Wing Chun සටන් ශිල්පයි. 1964දී බෲස් James Lee සමග එක්වී Jun Fan martial art studio යනුවෙන් ඇකඩමියක් පටන් ගත් අතර එය වේගයෙන් ජනප්‍රිය වෙන්න විය.
Jeet Kune Do සමග වූ බෲස් ලීගේ බැදීම
ජිට් කුං ඩො [ Jeet Kune Do ] කියන්නේ කවුරුත් දන්නා පරිදි බෲස් ලී විසින් Wing Chun සටන්කලාව වැඩිදිවුණු කිරීමකින් සාදා ගන්නා ලද සටන් ශිල්පීය ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ. එයට හේතුපාදක වෙලා තියෙන්නේ 1965දී බෲස් ලී හා Wong Jack Man අතර පැවති වීදි සටන් තරගයදී බෲස් ලී දිගින් දිගටම ලැබූ ප්‍රහාරයන්. එම තරගය දින් දිගට ඇදීයත්ම ඔහුට වැටහුනා Wing Chun ශිල්පීය ක්‍රම විතරක් දැනගෙන තීබ මදි කියලා මේ වගේ තරග වලින් දිනන්න. ඒ අනුව බෲස් ලී සිය පුහුණුවීම් වලට අමතරව weight training for strength, running for endurance, stretching for flexibility වැනි අංගද ඇතුලත්වන ක්‍රමයක් සාදාගත්තා එයට ඔහු විසින් දුන් නම වුයේ ” the style of no style“
මේ තියෙන්නේ බෲස් ලී කෞතුගාරයේ තබා ඇති Jeet Kune Do emblem එකක් මෙහි තියෙන චීන අකුරු වලින් කියවෙන්නේ ” Using no way as way” හා ” Having no limitation as limitation” යන්නයි. ඊතල මගින් interaction between yang and yin පෙන්නයි.
———————————————————————————————-
අදට මේ ඇති වගේ ඇගට අමාරුයි මහන්සි ගතියක් දැනෙනවා. අනික දොස්ටරවරු කිව්වේ පුලුවන් තරම් විවේක ගන්න කියලා. මේ වෙලේ අමාරුවෙන් හරි මේ ලිපිය ලිව්වේ වෙන කරන්න දෙයක් නැති නිසා ගෙදර ඉදලා. මේකේ ඉතිරි කොටස සෙනසුරාදා හවසට [ බොහොවිට සෙනසුරාදා රාත්‍රී කාලයේ ] දෙන්නම්
ඒ එක්කම පුලුවන් ඉක්මනට ෆිල්ම් එකත් දෙන්නම්.
ලිපියේ අඩුපාඩු තියෙනවා නම් සමා වෙන්න
හදිස්සියේ ලිව්ව නිසා අඩුපාඩු ඇති, කැමති අය ඉන්නවා නම් මේක facebook,twitter වල share කරන්න



ලිපියේ අඩුපාඩු තියෙනවා නම් සමා වෙන්න
හදිස්සියේ ලිව්ව නිසා අඩුපාඩු ඇති, කැමති අය ඉන්නවා නම් මේක facebook,twitter වල share කරන්න Dar[K](Quote)
අඩේ මරුනේ !! සමහරක් ඒවා මම දන්නෙත් නෑ මේකේ දානකන් Chooty malli(Quote)
මේ ලිපිය ඉතා හොඳයි…
මීට අමතරව මම යෝජනාවක් කිර්‍රමට කැමතියි. [ මේ ගැන වරදවා හිතන්න එපා. ]
හුඟක් වෙලාවට මම දැකල තියනවා [ ඔබත් දැකල ඇති ] උප සිරැසිවල යම් යම් අඩුපාඩු.
උදාහරණ වශයෙන් … න / ණ / ල / ළ භේදය , සංඤ්ඤක අකුරු , මහාප්‍රාණ අකුරු .. ආදිය යෙදීමේදී ඇතිවන දෝෂ.
මේවා සකස් කර ගැනීම සඳහා උදව් කිරීමට පුලුවනි.
ඔබ උප සිරැසි සකස් කළ පසු මට එවන්නේ නම්.. එම පොඩි පොඩි දෝෂ නිවැරදි කර එනැවත එවීමට කැමැත්තෙමි.
මේ ගැන ඔබේ අදහස දැන ගැනීමට කැමතියි. kumaraya(Quote)
ආ මලේ හෙට කියවලා කොමෙන්තුවක් දාන්නම්කෝ රන්දිල්(Quote)
මරුනේ…!! Ansh Lucky Sri Jay(Quote)
පට්ට පට්ට. අපි දැනගෙන හිටියට වඩා විස්තර ගොඩක් මේ ලිපිය නිසා දැනගන්න හම්බ වුනා YaZi GamaGe(Quote)
මරු හරිම රසවත්. ඉක්මනටම ඊළග කොටසත් දාන්න ගීත්(Quote)
බෘස් ලී ගෙන නොදන්න ගොඩක් දේවල් දැ නගන්න ලැබුනා. ස්තුතියි info ටිකට. සමාවෙන්න කමෙන්ටස් කරන්න පරක්කු වුනාට airtel වලින් මේ සයිඩ් එකට එන්න බැරි වෙලා තිබුනා. මේකට විතරක් නෙවේ LK Server වල හොස්ට් කරලා තිබුන ගොඩක් සයිඩ් වලට යන්න බැරි උනා. දැන් නම් හරි වගේ.ඒකයි පරක්කු වුනේ කසුන් නදීශන(Quote)
@ගීත්: අනිවා හෙට හවස් වෙද්දී දාන්නම්
මේ දවස් වල පොඩ්ඩක් විතර ලෙඩ වෙලා ඉන්නේ
Dar[K](Quote)
@YaZi GamaGe: එල එල
දන්න කියන කට්ටියටත් කියන්නකො
බයිස්කොප් එක පැත්තේ ගියොත් ෆිල්ම් එකකුත් ගන්න පුලුවන් වෙයි Dar[K](Quote)
@Chooty malli: හෙ හෙ එහෙම තමා බන් උඹලට ඉතින් අර **කිරි එකෙන් පිට තැනැක් නැහැනේ Dar[K](Quote)
ඔක්කොටම කලින් කට්ටියගෙන් සමාව ගන්න ඔනේ රිප්ලයි කරන්න පරක්කු වුනාට . මට උණ හැදිලා හිටියේ දවස් 4 !!
දැන් නම් ටිකක් හොදයි
පුලුවන් ඉක්මනට ඊලග කොටස දාන්නම්
Dar[K](Quote)
නියම පෝස්ට් එක…
ඉතුරු ටිකත් ඉක්මනට ඔනේeeeeeeee….
Gangster(Quote)
@Gangster: ස්තුතියි මචො කමෙන්ට් එකට
අනිත් කොටස මේ සිකුරාදාට දෙන්නම් Dar[K](Quote)