Facebook.com | මිතුරු හවුල [ කෙටියෙන්]
පොඩ්ඩක් මගේ බ්ලොග් එක මතක් වෙච්ච නිසා ආව මේ පැත්තේ
හිතාගෙන හිටියේ ජූලි 15 වෙනකන් මුකුත්ම දාන්නේ නෑ කියලා ඒත් පස්සේ අදහස වෙනස්කරගත්තා අද උදේ Facebook Bolg අඩවියේ තිබිච්ච එක ලිපියක් නිසා. ඒකේ තිබුනා ආරම්භයේ ඉදලා අද දවස වෙනකන් facebook ආ ගමන් මග.ඒ කියන්නේ 2004 ආරම්භ කරලා 2010 ජූලි 1 වෙනිදා වෙනකන් අඩවියේ සිදුවුන සෑම වැදගත් සිදුවීමක්ම. [ ඊයේ දිනය වන කොට facebook අඩවියට කොටි 50කසෙනගක් ආවලු ! මම නෙමේ කියන්නේ එයාලා හොදේ
] මේ ඒ නිමිති කරගෙන මා විසින් රචනා කරන ලද ලිපියකි
Facebook උපන්නේ මෙහෙමලු !
facebook අඩවිය පටන් අරන් තියෙන්නේ 2004 දී මාර්ක් ෂුකර්බර්ග් කියලා හාවඩ් විශ්ව විද්‍යාල ශිශ්‍යයෙක්. දවසක් එයා කැම්පස් එකේ කාමරේට වෙලාකල්පනා කරාලු ක්‍රමයක් කැම්පස් එකේ පරිගණක ජාලය + අන්තර්ජාලය එකතු කරලා මිතුරු මිතුරියන් සමග කතා කරන්න විවිධ පණිවිඩ හුවමාරු කරන්න විදියක්.පස්සේ දවස් දෙක තුනක් විතර නිදිමරාගෙන මේ ගැන කල්පනා කරල කල්පනා කරලා හොයාගත්තලු ක්‍රමයක් !! ඒ ක්‍රමේ භාවිතා කරලා හැදුවලු ජාලයක් ” හාවර්ඩ්ඩිජිටල් මිතුරු හවුල ” කියලා. පස්සේ ඒක කැම්පස් එකේ තිබ්බ Notice Board එකේ පල කරාලු !!
එහෙම කරලා පැය 24ක් යන්න කලින් කැම්පස් එකේකස්ටිය 12000ක් මේකත් එක්ක එකතු වුනාලු !! පස්සෙ පස්සෙ ඔක කටින් කට ගිහින් කැම්පස් එකේ උගන්නන ආචාර්‍යවරු හිටන් සම්මාදම් වුනාලු !!
2005 වෙනකොට කැම්පස් එකේ සිසුන් 100කින් 85ක්ම මේ ඩිජිටල් ජාලයේ සාමාජිකත්වය අරන් තිබ්බලු !! [ දැන් ඔය facebook එකේ ලොකු පුටු වල ඉන්නෙඑයාලා කියලත් කියනවා ] ඒකාලේ මේකේ නම තිබිලා තියෙන්නේ thefacebook.com කියලලු !!පස්සෙ ටිකක් මොකක්ද මොකක්ද වගේ දැනුන නිසා නමවෙනස් කරාලු facebook.com කියලා.
ඔහොම ඔහොම ගිහින් ඊයේ පෙරේදා තවත් සංධිස්ථානයකටත් ආවා. ඒ තමා පලමු වතාවට google.com වෙතට ආව සෙනග පහුකරන්න සමත් වුනා ! හරියටමකිව්වොත් facebook අඩවියට එන සෙනග දිනකට google අඩවියට එන ගාණ වගේ දෙගුනයක් කියලා සමීක්ශණ වාර්ථාවකින් හොයන් තියෙනවා. ඒ බ්‍රිතාන්‍යයේ Hitwise ආයතන මගින් නිකුත් කරපු හා PC World සගරාවේ පලවු ලිපියකින්ය.
Facebook අඩවිය ආ ගමන් මග
මේ ටික නම් උපුටා ගත්තේ facebook blog අඩවියෙන් මෙතන තියෙන්නේ අඩවිය හා සම්බන්ධ වැදගත් වෙනස්වීම් ඇලුත් වීම් කියලයි තිබුනේ.
2004
- පෙබරවාරි 4 facebook හී ආරම්භය [ හාවඩ් විශ්වවිද්‍යාලයේදී thefacebook.com ලෙස] මේ තියෙන්නේ ඒ ආරම්භක අඩවියේ තිරසටහනක්.

2005
- අප්‍රේල් හාවර්ඩ් සිසුන් 800ක් සම්බන්ධ විය
2006
- අගොස්තු – thefacebook.com — facebook.com ලෙස නම් වෙනස් කරමින් ලොකයේ සියලු දෙනාට සම්බන්ධ විය හැකි ලෙස සකස්කරන ලදී.
- එමෙන්ම facebook වෙතට newsfeed අංගයද හදුන්වා දුන්නේ මේ මාසයේදියි.
2008
- facebook beekan (බීකන්) වෙනත් අඩවි වලදි කරනු ලබන දේ මිතුරන්ට දැන්වීමේ හැකියාව එක් කරන ලදී.
- Facebook Adds Sheryl Sandberg විසින් හදුන්වා දෙන ලදී.
2009
- Facebook connect v 1 – facebook අඩවිය හරහා වෙනත් වෙබ් අඩවි වලට සම්බන්ධ වීමේ පහසුකම ලබා දෙන ලදී [ බ්ලොග්අඩවි වලට ප්‍රතිචාර දැකීම සහදාද මෙවැනි facebook conncet එකක් ඇති අතර එය ඉදිරියේදි Dar[K]ගේ සටහන් පොතට එක් කරන්න බලාපොරොත්තුවෙනවා
- Facebook like icon තමන් ප්‍රිය කරන්නේ මේවා යැයි සිය මිතුරන්ට පෙන්විය හැකි iLike අයිකනය හදුන්වා දෙන ලදීමේ වන විට එහි වැඩි දිවුණු කරන ලද සංස්කරණ එළි දක්වා ඇති අතර ඉදිරි කාලයේදි තවන් එය දිවුණු කරන බවට සටහන් කර ඇත.
2010
- Open graph ක්‍රමය හදුන්වා දෙන ලදී. මෙමගින් විවිධ අඩවි වල සිටින සාමාජිකයින්ට තම මුණුපොත් ගිණුම ආශ්‍රය කරන් ප්‍රස්ථාර ආදියනිර්මාණයට අවස්ථාව ලබා දිනි.
- මතබේදටය තුඩු දුන් facebook privacy කිහිප වරක්ම අලුත් කරන ලදී.
මෙයට අමතරව 2009 අගොස්තු මාසයේදි facebook lite සංස්කරණයද 2008 වසරදි ඇපල් සමාගම විසින් නිකුත් කරන ලද Apple iPhone සදහා වන facebook for iPhone සංස්කරණය ඉදිරිපත් කරන ලදී.
පහත රූප වලින් කියන්නේ facebook.com වසරින් වසර වෙනස්වුන හැටි
thefacebook.com හීදී පුද්ගල ගිණුමක් පෙන්වන ආකාරය [2004]
facebook.com හීදී පුද්ගල ගිණුමක් පෙන්වන ආකාරය [ 2006]
facebook.com හීදී පුද්ගල ගිණුමක් පෙන්වන ආකාරය [2007]
facebook lite හීදී පුද්ගල ගිණුමක් පෙන්වන ආකාරය [2009]
නව facebook නිවෙස්න පිටුව [home page] [2010 පෙබරවාරි 4]
facebook ගැන මේ වගේ කෙටි සටහනක් තැබුනේ ජූලි 1 වෙනිදා වෙනකොට එයට 50 කොටියක සෙනගක් ආව නිසයි.නැතිනම් මෙ වගේ පොඩ්ඩකින් මම මේකනවත්තන්නේ නෑ :D මෙගා නාට්‍ය සීන් එකක් දක්වා ගෙනියනවා [නිවාඩු පාඩුවේ ඔක්තොම්බර් මාසෙදි වගේ ඒ විදියට facebook ගැන ලිපි කිහිපයක්ම ලියන්නඉන්නේ හැදුන හැටි , facebook හා බැදුනු නඩුහබ facebook මූලස්ථානයේ (HQ) හී විශේශ වීඩියො දර්ශන කිහිපයක්. ප්‍රධාන මෙහෙයුම් කාමරයේඇතුලත දර්ශන කිහිපයක් blah blah blah... ]
එහෙම නම් මම කැපුනා, කට්ටිය මේ ලිපිය හොදයි කියල හිතෙනවා නම් ඔය සුදු කොටුවේ අදහස් කියලා යන්න අමතක කරන්න එපා !




මේ ලිපිය හොදයි කියල හිතෙනවා නම් ඔය සුදු කොටුවේ අදහස් කියලා යන්න අමතක කරන්න එපා
ඒ එක්කම මේක Google buzz , Facebook , twitter වලින් share කරන්නත් අමතක කරන්න එපා!
අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා share ලිස්ට් එකට අලුතින් එකතු කරපු ‘ Mail this via Gmail’ හරහා යාලුවන්ට මේ ලිපිය ඊමේල් කරන්නත් පුලුවන්
Dar[K](Quote)
ආ ඔය මාර්ක් ෂුකර්බර්ග් කාරයා මම අල්ල ගන්න තමා උන්නෙ ඔකගෙ දත් සෙට් එක බඩට යවන්න…!!!
මෙ කොල්ලො..උබට වෙන වැඩ නැද්ද මෙච්චර හොද ලිපි දාන්න ?
මැක්සා bunny(Quote)
මෙ බන් මෙ ලිපිය..
මරු හොදෙ
@bunny: එලැස් ඔන්න මාර්ක් ෂුකර්බර්ග් ගේ facebook account එකේ ලින්ක් එක
http://www.facebook.com/zuck?ref=mf
ස්තුතියි ප්‍රතිචාරයට
Dar[K](Quote)
හෆෙ හෆ්ෆා
අර පොඩි අදහසෙන් සුකර බර්ග් කාරයා කොච්චර හම්බකරනවා ඇද්ද
එළ එළ හොද ලිපියක් මනුශාන්(Quote)
@මනුශාන්: හම්මේ ඔව් මතක් කරන්න එපා ඔකව !! $$$$ වලින් හම්බ කරන්නෙ
Dar[K](Quote)
මරු භාණ්ඩයක් තමා , facebook කියන්නේ !!! හිඟන්නා(Quote)
වැදගත් පෝස්ට් එකක් මචන්…
තැන්කූ කිව්වා… Gangster(Quote)
දැන් ඉතින් හුගක් දෙනා කන්නෙත් නැතුව FB තමා..FBඅවිල්ල තියන දුර… namal wickramasinghe(Quote)
ela machoo
maxxa post eka
me oya dana thiyena ewa ikmanata denna k? Blﻪ८ĸ Cﻪէ(Quote)
kool post broo keep it up randula(Quote)
@හිඟන්නා: නැතිනම් අපේ සමහරුන්ට කන්නත් ඔනේ නැ
Dar[K](Quote)
@Gangster: එලැස් !! ස්තුතියි ප්‍රතිචාරයට ! මමත් දැක්කා මැක්සා පොස්ට් එකක් දාලා තියෙනවා ඉන්න වෙලාවක එන්නම් ඒ පැත්තේ Dar[K](Quote)
@namal wickramasinghe: ඒකෙනි සහොදරයා !! ආරංචි විදියට ඉස්සරහට තව ලොකු වෙනස්කම් වෙනවලු
Dar[K](Quote)
එල මචො අද තමා දැක්කේ ෆේස්බුක් එකේ පරන එවා ප්‍රභූ(Quote)
හොඳ ලිපියක් මචං.. රකිත් ප්‍රභාත්(Quote)
හොඳ ලිපියක් මචං. රන්දීප(Quote)
ela………..
ammo fb niyamai ne………….. jani fahira(Quote)
@jani fahira: හෙ හෙ නැතුව
Dar[K](Quote)
ස්තුතියි ප්‍රතිචාරයට
@ප්‍රභූ: එලැස් !! උබ විතරක් නෙමේ බං මමත් ඔය පින්තුර දැක්ක දවසෙම තමා ලිව්වේ Dar[K](Quote)
@රන්දීප: thanks
Dar[K](Quote)
@රකිත් ප්‍රභාත්: thanks machoo
අනේ සමාවෙන්න ඕනේ, අදයි මේ පෝස්ට් එක දැක්කෙ..
Ansh Lucky Sri Jay(Quote)
නියම ලිපියක්.
ෆේස්බුක් තියේ නම් ඉතින් අපිට කන්න බොන්න ඕනෙත් නැහැ නෙ.
හික්.
@Ansh Lucky Sri Jay: අහ්හ් ඒකට කමක් නෑ
Dar[K](Quote)
හික්z ඒක නම් ඇත්ත තමා කෑම බීම ඔනේම නෑ
patta Chooty malli(Quote)
එල පොස්ට් එක මචන්. fb හැදුන හැටි film එකකුත් කරනවා. yahoo එකේ තිබිලා මම ඒකේ trailer එකක් හොයා ගත්තා. ඒකත් බලන්නකෝ.ෆිල්ම් එකනම් පට්ටයි වගේ
http://mytube.lk/video/U4U2DUK7RR73/Watch-the-Exclusive-Trailer-for-8217The-Social-Network8217 L2K(Quote)
@L2K: ඔව් මචො මමත් දැක්කා ඒ විඩියො එක. පට්ට ෆිල්ම් එකක් වගේ පේන්නේ
ප්‍රතිචාරයට ස්තුතියි
Dar[K](Quote)
@Chooty malli:
Dar[K](Quote)
ලොවෙන් ඉගනගත් දේ ලොවටම කිව යුතුයි.ලොවෙන් දැකල,අහල,දැනිල,හිතට හිතෙන දේ කියන එක හොන්දා. Amali(Quote)
@Amali: ස්තුතියි ප්‍රතිචාරයට Dar[K](Quote)