WordPress 3.0 සමග ඉදිරියට

ජූනි 22, 2010
ලේබල්: ,

ඔක්කොටම කලින් කියන්න ඔනේ මේ ලිපිය මම කිසි ලෙසක පල කරන්න හිටිය ලිපියක් නෙමේ. මම wordpreess 3.0 beta සංස්කරණය නිකුත් වූකාලයේදි අහම්බෙන් වගේ wordpress 3.0 වල රහස් තොරතුරු තියෙන ලිපියක් ජංජාලෙදි දැකලා ඒ ගැන පොඩ්ඩ පොඩ්ඩ ලිය ලිය හිටියේ. ඒත් ඒ ලිපිය දැන්නම් නෑ. මොකද ඒ ලිපිය පල වෙලා පැය 12ක් යන්න කලින් ඒක ඒ අඩවියෙන් ඉවත් කරගෙන තිබුනා. හරියටම wordpress 3.0 අවසන් සංස්කරණය එන්නනියමිතව තිබුනේ [ ඒ රහස් ලිපියට අනුව නම් 18 වෙනිදා ] ඉතින් මම ඒ ලිය ලිය හිටිය ලිපිය පල කරන එක දවසින් දවස පොඩ්ඩ පොඩ්ඩ කල් දැම්මා කල් තියෙනව කියලා.කොහේද මේ යක්කු ටික ඒක එලියට දැම්මා නොවැ බලාපොරොත්තු වෙච්චි නැති වෙලාවක :( මොනා කරන්නද මම ඉතින් ඒ අදහස හිතින් අමතක කරලා දැම්මා.

ඒත් ඉතින් ඇම්ම තියෙන නිසා free web hosting site එකක ගිණුමක් හදාගෙන wordpress 3.0 RC එක දාගෙන ටෙස්ටින් කරා.ඉතින් මට අවසරයි මගේ wordpress 3.0 අත්දැකීම් ඔබ සමග බෙදා හදා ගන්න

හිතූ තරම් කළු නැති wordpress 3.0

wordpress 3.0 ආව ගමන් බ්ලොග් රචකයො කිහිප දෙනෙක්ම ඒ ගැන ලිපි ලියලා තිබ්බා වගේ මතකයි මට. ඒත් ඒ අයගෙන් කීයෙන් කීදෙනාද අඩුම තරමේ wordpress 3.0 beta / wordpres 3.0 RC / wordpres 3.0 පිහිටුවාගෙන ඉවර වෙලා ඒ ලිපි ලිව්වේ? මට ඒ සාධාරණ සැකේආවේ වෙන මුකුත් නිසා නෙමේ ඒ ලිපි වලින් 80%ක්ම වගේ ලියලා පල කරලා තිබ්බේ blogger.com [blogspot.com] වල බ්ලොග් ලියන අය නිසාය. [ මම දන්න කියන අයගෙන් wordpress 3.0 RC එක මුලින්ම තමන්ගේ බ්ලොග් එකේ දාගත්තේ අපේ බුධාජීව මලයා [ මම වැරදිනම් කියන්න ] ඊලගට අපේගයන්ත සහොදරයා. ඒ දෙන්න ගැන විතරයි මම දැනට දන්නේ , මොකද මම දන්න කියන කාලේ ඉදලා wordpress වල බ්ලොග් ලියනවා විතරක් නෙමේ facebook status වලත්  twitter updates වලත් ඒ ගැන ඔවුන් කියලා තිබුනා ]

පොඩ්ඩක් off da topic ගියා !! මේකයි කියන්න ඔනේ වුනේ මට. මම ඒ කියවපු සෑම ලිපියකම කියලා තිබුනේ wordpress සිංහල සංස්කරණය භාවිතාකරන අය නව නිකුතුව භාවිතා කිරිමෙන් වැලකිය යුතු / එසේ නව නිකුතුවට යවත්කල් කලහොත් පවතින සිංහල අඩවිය සම්පුර්ණයෙන්ම ඉංග්‍රිසි අවවියක් බවට පත් වෙනවාකියලා !!! [ අමතක කරන්න එපා මේ බව කියලා තිබුනේ බ්ලොගර් වල බ්ලොග් ලියන අය මිසක වර්ඩ්ප්‍රෙස් වල ලියන අය නෙමේ ] මට මේ ගැන හරියටම විශ්වාසයක්නොමැති වු බැවින් twitter හරහා සිංහල wordpress නියමුවා වු මලිත්ත සමරකොන් මහතාගෙන් මේ ගැන විමසීමක් කල විට ඔහු පවසා සිටියේ වැඩකටයුතුඅධික වූ බැවින් 3.0 සදහා සිංහල සංස්කරණයක් නැති බවයි [ අනේ මන්දා ඒ මට එයා කිව්ව දේ තේරුනේ එහෙමයි]

ඔනේ දෙයක් වෙච්චාවේ කියලා මම auto update හරහා මගේ බ්ලොග් අඩවියත් wordpress 3.0 ට අප්ඩේට් කරගත්තා මීට පැය දෙක තුනකට කලින්[අවාසනාවකට වගේ දත්ත ගබඩාවේ බැකප් එකක් තියා ගත්තු නැති නිසා 2010-06-18 වෙනිදායින් පස්සේ ලැබුන අනුමත නොකරන ලද ප්‍රතිචාර සියල්ල අහිමි විය]යකා හිතු තරම් කළු නෑ !! මේ තියෙන්නේ මම ඒ යවත්කල් කිරීම සම්පූර්ණ වූවාට පස්සේ ලබාගත්තු තිර සටහනක්. මේකේ විදියට නම් කලින් සංස්කරණයයි අලුත්සංස්කරණයෙයි කිසිදු වෙනසක් [ බාහිර වෙනසක් ] දකින්නට නෑ

[wordpress 3.0 cPanel ]

හැබැයි සංස්කරණ දෙක අතර පැහැදිලි වෙනසක් නම් තියෙනවා. RC සංස්කරණයේදි නොදැක්ක වෙනස්කම් ගොඩක් තියෙනවා. ලොකුම වෙනස තමා කලින්වර්ඩ්ප්‍රෙස් සංස්කරණ වලට වඩා ස්ථායි , වේගවත් , පරිශීලනයට පහසු ,අනං මනං කරදර අඩු [ කරදර අඩු කිව්වට මගේ මොඩ වැඩක් නිසා කමෙන්ට්ස් ටිකක් නම්නැතිවුනා ] බැලූ බැල්මට වෙනසක් හදුනා ගන්නට අමාරු එහෙත් භාවිතා කරන කොට වෙනසක් දැනෙන නව සංස්කරණයක් !!

තමාගේම ඩොමේන් එකක් තියෙන , තමාගේම හොස්ටින් එකක වර්ඩ්ප්‍රෙස් පිහිටුවාගෙන බ්ලොග් කරන අයට මාගේ නිර්දේශය නැවුම් අද්දැකීමකට wordpress 3.0  පිහිටුවා ගන්න යන්නයි.

wordpress 3.0 සමග අලුත් වීමට බලාපොරොත්තුවෙන් සිටින Dar[K]ගේ සටහන් පොත

කලින් කිව්වා වගේ මම අද තීරණයක් ගත්තා. අලුත් අද්දැකීමක් විද දරා ගන්න වර්ඩ්ප්‍රෙස් 3.0 පිහිටුවා ගත්ත නිසා මගේ බ්ලොග් එකේ මෙච්චර කල් සිංහලෙන් විතරක්ලිපි ලියු මම අදින් පසු මට ඇති කාලය හා හැකියාව අනුව මාසෙකට එක් ඉංග්‍රිසි ලිපියක් හා එක් දෙමල භාශාවෙන් ලියන ලිපියක් පල කරන්න බලාපොරොත්තු වෙනවා.මම දන්නේ නෑ මේ තීරණය මගේ බ්ලොග් එකේ ඉදිරි ගමනට කෙසේ බපලායිද කියලා, එහෙත් නිතරම අලුත් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් විදියට මේ අවධානම ගන්න මම ලැස්තියි. ඒත් මගේ දෙමළ භාශා දැනුම එතරම් හොද මට්ටමක නොමැති හෙයින් ලිපිවල අඩුපාඩු තියෙන්න පුලුවන්. එවායේ වැරදි පෙන්වා දෙන්න | එහේ නොමැතිනම් දෙමල භාශාවෙන් කවුරුන් හො ලිපි ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මා හට කියන්න ඔහුට හො ඇයටමේ බ්ලොගයෙන් ඉඩක් දෙන්න මම සුදානම්.

ඒ වගේම ඉදිරි කාලයේදි එතෙක් මෙතෙක් කාලයක් තුරාවට සිංහල බ්ලොග්කරණයේ කවුරුත් නොකරන ලද ආකාරයෙන් ගවේශණත්මක ලිපි පෙලක් පල කරන්න හිතන් ඉන්නවා. මම දන්න විදියට මෙතෙක් කවුරුත් ඒ වගේ දෙයක් කරලා නෑ.

බලමු ඉදිරියට !! අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. වර්ඩ්ප්‍රෙස් 3.0 ගැන ලිපි කිහිපයක් ලබන මාසේ ඉදලා පලකරන්න හිතන් ඉන්නවා [ සිංහල / ඉංග්‍රිසි භාශා ද්විත්වයෙන් ] මෙතෙක් කල් මගේ ලිපි වලට ලැබුන ප්‍රතිචාර ඒ ආකාරයෙන්ම ඉදිරියේදි ආරම්භ කරන ලිපි වලටත් ලැබේවි කියලා මම හිතනවා.

එහෙම නම් දැනට නවතිනවා | සුභ රාත්‍රියක්

———————————————————————————————–

මේ ලිපිය මම ඊයේ රෑ පල කරපු එකක්. ඒත් කුමක් හො හේතුවක් නිසා ඒ ලිපියත් එක්ක තිබුන ප්‍රතිචාර ඔක්කොම නැතු වුන නිසා ආයි ඒ ලිපිය පල කරා. ඒ එක්කම ප්‍රතිචාර දැක්වීමදි යම් error පණිවිඩයක් ලැබෙන්නේ නම් ඒ පිලිබදව මා දැනුවත් කරන්න

ප්‍රතිචාර 19 ක් “WordPress 3.0 සමග ඉදිරියට” සදහා ලැබී ඇත

  1. මේ ලිපිය මම ඊයේ රෑ පල කරපු එකක්. ඒත් කුමක් හො හේතුවක් නිසා ඒ ලිපියත් එක්ක තිබුන ප්‍රතිචාර ඔක්කොම නැතු වුන නිසා ආයි ඒ ලිපිය පල කරා. ඒ එක්කම ප්‍රතිචාර දැක්වීමදි යම් error පණිවිඩයක් ලැබෙන්නේ නම් ඒ පිලිබදව මා දැනුවත් කරන්න  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  2. මමත් බැකප් නැතුව අප්ඩේට් කලේ.. මගේ නම් DB එක යහතින් upgrade උනා.. කමෙන්ට් මුකුත් මැකුනෙත් නෑ.  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  3. hikz..mamath damma wp3.0 eka… eka hodai.. :D :D .blog eka patte awilla yanna :)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  4. @ගයන්ත: ඔහ් එහෙම නම් වාසනාවක් තියෙන්නෙ ඇති :( මොනා කරන්නද? :(

    ප්‍රතිචාරයට ස්තුතියි (y)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  5. @Namila: එල අනිවා !! දැන්ම එන්නම් :)
    wp වල දැනට ආව හොදම සංස්කරණය තමා මේ ;)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  6. @Dar[K]: ඒක තමා මම බැලුවේ කො මම ඊයේ රෑ දපු කමෙන්ට් කියලා :P

    එල එල දැන් නම් ගානට තියෙනවා. පොඩ්ඩක් ෆොන්ට් එක ලොකු කරන්න කියවන්න අමරුයි. අලුත් වැඩ වලට සුභ පතනවා (y)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  7. අහ්…මරු මරු මරු.. මාත් හරිම කැමතියි WP වලට :-)  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  8. මම අවුලක් නැතුව Automatic Upgrade එකක් කර ගත්තා. හැබැයි theme update එකකදි මගෙ තිබුන theme එක reset වෙලා තිබුනා. ඒක වැඩියම අවුලක් නැහැ.. ඒ ඇර මම හිතන්නෙ මගේ බ්ලොග් එක තාම වැඩ :)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  9. @පිටස්තරයා: අහ් ඒකත් එහෙමද? අනේ මටමනේ මේ වගේ දේවල් වෙන්නේ :(
    theme reset එකක් නෙමේ වෙන්නේ මට හිතෙන විදියට ඒ තීම් එකේ අලුත් සංස්කරණයකට මාරු වෙනවා ;)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  10. @bunny: අහ්හ් ඉතින් එන්නකො වර්ඩ්ප්‍රෙස් වලට :P   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  11. නියමයි. මාත් free hosting plan එකකට wp3 දාන ගමන්.දාලාම බලන්න ඕනේ. ස්තුතියි ලිපියට  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  12. කොච්චර කීවත් db එක backup කරන්නෙ නැතිකම මගෙත් නරක පුරුද්දක්! :S  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  13. ela ela keep it up  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  14. ela ela machoo me apitath blog ekak hada ganna hati kiyala diyanko  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  15. ඩාර්කෝ …. ඔබේ ලිපි හොරෙන් උස්සන එක නවත්තන්න ක්‍රමයක් හම්බ උනා  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  16. @Max: අඩේ සිරාද? ඉතින් අගේ නොකර කියහන්කො බන් :(   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  17. @mangala: ela ela aniwaa liyannam broo

    thanks for da comment :)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  18. coolllll :D   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  19. @Max: O.o  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් යොදන්න