ඔබත් wakoopa පාවිච්චි කරන්නෙක්ද?

ජූනි 15, 2010

මේ දවස් වල මම ලියන social networking ලිපි පෙලට සම්බන්ධ කරලා පොඩි අතුරු කතා ටිකක් ලියන්න හිතුවා. මේ ඒකේ ආරම්භය. මේ ලිපියලියන්න හේතු වුනේ අපේ බුධාජීව මලයාගේ මේ ලිපිය දැකලා. ඒ ලිපිය කියවපු දවසෙ තමා මම wakoopa ගැන දැන ගත්තේ. ඒ නිසා හිතුවා නොදන්න කට්ටියඉන්නවා නම් ඒ අයට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් එක්ක wakoopa ගැන මම දන්න / මම අත්හදා බලලා ඉගෙන ගත්තු ඔක්කොම මේ විදියට බ්ලොග් එකේ ලියන්න :)

wakoopa කියන්නේ මොකක්ද?

දැනට මම දන්න කියන කාරණා වලට හා පොත පතින් හොයාගත්තු කාරණා වලට අනුව නම් wakoopa කියන්නෙත් සමාජ ජාල අඩවියක් ! හැබැයි මේක අනිත්ඒවායින් වෙනස් වෙන්නේ එක් සුවිශේශ කාරණාවක් නිසා. ඒ තමා මේ අඩවිය සම්පුර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ එදිනෙදා භාවිතා කරන ලබන මෘදුකාංග වලභාවිතයන් ගැන විස්තර ලබා දෙනවා. කෙටියෙන් කියනවා නම් , එදිනෙදා අපි භාවිතා කරන මෘදුකාංග , විවිධ සේවා , ආදිය ගැන වාර්තාවක් ලබා දෙනවා.

wakoopa ක්‍රියා කරන්නේ කොහොමද?

wakoopa ක්‍රියා වෙන්නේ කොහොමද කියලා කියන්න කලින් කියන්න ඔනේ මේ අඩවියේ සාමාජිකයෙක් වෙන්න ඔනේ කියලා. මෙතනින් එහාට වෙන දේවල්අත්හදා බලනවා නම්. ඒකට වැඩිය මහන්සි වෙන්න ඔනේ නෑ, මෙන්න මේ sign-up උඩ කොටන්න ;) ඊට පස්සේ අපි එකේ ලියාපදිංචි වුනාම එයාලා කියනවා අපි කරන දේවල් දැනගන්න ඔනේ නිසා පොඩි Tracker මෘදුකාංගයක් භාගත කරගෙන පරිගණකයේ පිහිටුවා ගන්න කියලා. Linux, Apple Mac සහ Microsoft Windows යන මෙහෙයුම් පද්ධති තුන සඳහාම මේ මෘදුකාංගය භාවිතා කරන්න පුලුවන්. ඔන්න ඔතන ඉදලා තමා මම මේක පැහැදිලිකරන්න යන්නේ :) අපි මේ ට්‍රැකර් එක පිහිටුවා ගත්තම මෙන්න මේ වගේ menu එකක් දකින්න පුලුවන්. [මගේ නම් පිහිටවපු මුල්ම දවසේ pause tracking වෙනුවට start tracking කියලා ආවේ]

ඔතන pause tracking තියෙනවා කියන්නේ දැනටමත් අපේ පරිගණකයේ wakoopa tracker එක ක්‍රියාත්මක වෙනවා. එමගින් අපි එදිනෙදාභාවිතා කරන මෘදුකාංග ගැන විමසිල්ලෙන් ඉදලා නියමිත කාල වකවානුවකදි ඒ ගැන තොරතුරු wakoopa අඩවියට යවනවා. එයට අමතරව ඔවුන් ඔබේ පරිගණකභාවිතයට ලකුණු ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ ඒ ලකුණු ප්‍රමාණය අනුව පරිශීලකයා එක් එක්  ප්‍රවීණතා ස්ථරවලට උසස් කරනවා.

මේ තියෙන්නේ දැනට මේ අඩවියෙන් ලබා දෙන ප්‍රවීණතා ස්ථරවල සටහනක් [ 2010.06.15 දිනට දක්වා ඇති ආකාරය ]

මෙයට අමතරව අපිට පුලුවන් මෙහි අපටම කියලා profile එකක් නඩත්තු කරන්නත් :) එමගින් අපි නිතරම භාවිතා කරන මෘදුකාංග මොනවාද? අපේ මෘදුකාංග වලවර්තමාන භාවිතයන් ,එක් එක් අයගේ ප්‍රියතම මෘදුකාංග මොනවාද? වගේ දේවල් ඒ තුලින් දැක ගත හැක. මේ තියෙන්නේ මගේ පසුගිය දින 7ක කාලය තුල usage එක[ මම wakoopa tracker පිහිටුවා ඇත්තේ මාගේ desktop පරිගණකයේ පමණක් වන අතර එය වැඩිපුරම භාවිතා වෙන්නේ අන්තර්ජාලයේ සැරි සැරීමහා පරිගණක ක්‍රීඩා කිරිමට පමණි. අනිකුත් වැඩ කටයුතු වලට භාවිතා කරන්නේ මගේ ලැප්ටොප් එක. එනිසා මෙහි වැඩිපුරම දක්නට ලැබෙන්නේ ජංජාලයේ සැරිසැරීමට අදාල දත්ත බව කරුණාවෙන් සලකන්න ]

මේ තියෙන්නේ මගේ ප්‍රියතම මෘදුකාංග ටික + දැනට මා සිටින මට්ටම [ මම මේක සම්බන්ධ වෙලා දවස් දෙකක් ඇතුලත වගේ මට්ටම් 3ක් පහුකරලා ආවා දැන් නම් ඉන්නේ 4වන මට්ටමේ, මෙතනින් එහාට යන්න පොඩ්ඩක් අමාරුයි වගේ :P මාව විශ්වාස නැතිනම් බුධාජීවගෙන් අහන්න :D ]

මේ තියෙන්නේ මේ අඩවියෙන් අපිට ලකුණු ලබා ගන්න පුලුවන් ආකාරය :) මේකේ තියෙන හැමදේම කරත් වැඩක් නෑ මොකද කිසිම හොරයක් වංචාවක් කරන්න බෑ ලකුණු එකතු කරගන්න. මම දන්න කියන හැමදේම කරත් තවම මේ ලිස්ට් එකෙන් දැනට කරගන්න බැරිව ඉන්නේ තිර පිටපතක් සපයා දෙන එක විතරයි :D

අදට ඇති මම හිතන්නේ…. අහ් අමතක වෙනවා තව පොඩ්ඩෙන් කට්ටිය කියවලා wakoopa වලට සම්බන්ධ වෙනවා නම් හරි දැනටමත් ඉන්න කෙනෙක් නම් මෙතන කොටලා මගේ profile එකට ගිහින් මාවත් එකතු කරන්න ඔයාලගේ මිතුරන් අතරට :) එහෙම නම් මම ගියා…

සුභ රාත්‍රියක් !! .. හැපී wakoopa !

[ ඔය සුදු කොටුවේ මේ ලිපිය ගැන හිතන දේ කියලා යන්න අමතක කරන්න එපා !! ඒ වගේම දන්න කියන අයටත් මේ ලිපිය ගැන කියන්න | facebook, twitter වල  share කරන්න :) ]

———————————————————————————————–

මේ දවස් වල පොඩි පොඩි බකට් ටිකක් පෙරළුනා :( මම ආසවෙන් කරන් ආව ගේම්ස් සිංහලෙන් අඩවිය වසා දමන්න සිද්ධ වුනා. ඒත් ඒක තාවකාලිකයි ! කොහොම හරි මම ආයි එනවා. මේ දවස් වල පොඩි විභාග වගයක් තියෙනවා, ඒ වගේම මගේ වෙලාවට හො අවේලාවට රට යන්න අවස්ථාවක් ලැබුනා. ඒ නිසා මම වසරක් පුරා ඉගෙන ගත්ත APIIT එකෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා අගොස්තු මාසේදි :( ඒක නම් ගොඩක් දුකයි. මොකද දැනට මම දන්න විදියට APIIT එකේ ඉන්න අයගෙන් කිහිම දෙනෙකුත් අපේ බ්ලොග් අවකාශයේ ඉන්නවා, ඒත් තවම ඒ කාව වත් මට මුනගැහෙන්න විදියක් ලැබුනේ නෑ [ තරිදු අයියා , V , Boo හා නම් නොදන්න අය] බලාපොරොත්තු වෙනවා ඉක්මනට එයාලව මුණ ගැහෙන්න.

ප්‍රතිචාර 29 ක් “ඔබත් wakoopa පාවිච්චි කරන්නෙක්ද?” සදහා ලැබී ඇත

  1. මේ ලිපිය ගැන හිතන දේ කියලා යන්න අමතක කරන්න එපා !! ඒ වගේම දන්න කියන අයටත් මේ ලිපිය ගැන කියන්න | facebook, twitter වල share කරන්න :)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  2. wow…මේකනම් නියමයි…දැන් නිදි මතයි හෙට කරලා බලනවා :-D තැන්ක්ස් මචන් දැනුම බෙදා හදා ගත්තට…

    මෙ නිකමට අහන්නෙ wakoopa ගැන පොත් තියෙනවද බන් ? :-D
    එළ එළ සිරා ලිපිය ඈ :-)  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  3. @bunny: පොත් නම් නැ බන් :P මම මේක ගැන දැනගත්තේ බුධාජීවගේ බ්ලොග් එකෙන් ;)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  4. hikz ela ela math innawa
    http://www.wakoopa.com/chathura88

    mehema tracking system ekak tiyena eka godak watinawa taman abbahi wela inna ewagen berenna nam :D   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  5. @චතුර නිර්මාල්: අහ්හ් යා එක නම් ඇත්ත, ඇබ්බැහි වීම කෙසේ වෙතත් ඒ ඒ එව්වා පාවිච්චි කරන විදිය දැනගන්න නම් පුලුවන් :)
    ඔන්න ඇඩ් කරගත්තා :D   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  6. පට්ට මචෝ…..මම ඉස්සර මේක පාවිච්චි කලා….ඒත් ටික දවසකින් වැඩේ අතැරිය….දැන් නිකං අයෙත් පටන් ගත්තනම් හරිවගේ කියලා දැනෙනවා…..එළ ලිපියක් මචෝ…..  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  7. try එකක් දෙන්න වටිනවා !!!!  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  8. @ashan: දෙන්න වටිනවා නෙමේ ට්‍රයි කරන්න !! මේක වටිනවා කොච්චර අපි ඇබ්බැහි වෙලා ඉන්නවාද කියලා දැනගන්න :)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  9. @හසී: එල එල පටන් ගනිමු මචො..

    ඔන්න මාවත් ඇඩ් කරගන්න ආයි පටන් ගන්නවා නම් ;)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  10. එදා තේරෙන්නෙ නෑ අනං මනං කීවට, දැං ඔය එක්පර්ට් කෙනෙක් වෙලා නොවැ. එළකිරි සහ ජලය! :D   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  11. @budhajeewa: හෙ හේ ඒක නම් ඇත්ත මුල් කාලේදි තේරුනේ නැ මේ සිස්ටම් එක .. පස්සේ ඒක අල්ල ගත්තා ;)
    ප්‍රතිචාරයට ස්තුතියි (y)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  12. එල මචො මමත් ට්‍රයි කරලා බලන්නම්  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  13. අහ්හ් වකොපා !!! බලමු උත්සහ කරලා ..
    ස්තුතියි ලිපියට  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  14. නියමයි වැදගත් ලිපියක්. මෙගා නාටකවල ඉතිරි ඒවත් ලියන්න.  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  15. @කසුන් නදීශන: එල ස්තුතියි ප්‍රතිචාරයට !
    මෙගා නාටක වල ඊළග කොටස් ලියමින් පවති :)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  16. @GAC: එල ට්‍රයි කරලා මාවත් ඇඩ් කර ගන්න :D   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  17. @Blﻪ८ĸ Cﻪէ: එල ට්‍රයි කරලා මාවත් ඇඩ් කර ගන්න :)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  18. අපි පස්සෙනුත් එන්ඩෝ..
    http://wakoopa.com/gayantha  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  19. @ගයන්ත: එලැස් අනිවා !!!
    ප්‍රතිචාරයට ස්තුතියි (y)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  20. nice one broo free welawaka try karanna onei

    meke usage eka keeeyada ram eken kochchara yanawada?  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  21. මමත් මේක කාලෙකට ඉස්සර පාවිච්චි කලා, පස්සෙ අත ඇරල දැම්ම.  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  22. එලැස් ඔන්න මම්ත් එකතු උනා  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  23. @මහසේන්: එල එල
    ප්‍රතිචාරයට ස්තුතියි  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  24. @රන්දීප: එල එල
    ප්‍රතිචාරයට ස්තුතියි (y)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  25. @මාධව හබරකඩ: අහ්හ් ඒ මොකො අත හැරියේ ? මේක හොදයිනේ තමන්ගේ ඇබ්බැහිවීම් දැනගන්න :D

    ප්‍රතිචාරයට ස්තුතියි (y)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  26. it was very interesting to read dayariya.dcreation.info
    I want to quote your post in my blog. It can?
    And you et an account on Twitter?  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  27. @LysakPavel: hi friend ! sorry for late to reply :) ok tou can quote my post in your blog no problem :)

    yeh i have an account in twitter add me CrazyNalin  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  28. I would like to exchange links with your site dayariya.dcreation.info
    Is this possible?  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  29. @KiwiRakl: Hi KiwiRakl ,
    sry for da late to reply :)

    yeh sure its posibble !! ill add ur blog to my blog roll from now :)

    thanks for comment in my blog ! (y)
    Have a nice day  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් යොදන්න