RSS Feeds කියවන ගණන ඉලක්කමෙන් දෙමු

ජූනි 7, 2010
ලේබල්: , ,

අද කියලා දෙන්න යන්නේ  ඔයාලගේ බ්ලොග් එකේ RSS Feeds කියවන අයගේ සංඛාව ඉලක්කමෙන් දෙන එක ගැනයි. මේ වගේ එකක් මම කලිනුත් පල කරා Twitter Followers ඉලක්කමෙන් දෙමු කියලා. ඒකෙදි “ jayan ” කියලා කෙනෙක්ගේ කමෙන්ට් එකකට අනුව මම හිතුවා අපි වගේ වර්ඩ්ප්‍රෙස් සෙල්ෆ් හොස්ටින්ග් කරන අයගේ පහසුවට , RSS Feeds කියවන ගණන බ්ලොග් එකේ පෙන්නන්නේ කොහොමද කියලා.

මේක මම හදන්නේ notepad එකේ, මොකද ඒක ලේසියි වෙන ඒවායින් හදනවට වඩා. මෙකෙන් වෙන්නේ අපේ feedburner ගිණුම හරහා අපේ බ්ලොග් එකේ ලිපිකියවීමට කී දෙනෙක් එකතු වී ඉන්නවාද කියලා. මේක පොඩිම පොඩි කේත කොටසක් නිසා මම තිර පිටපත්වත් භාවිතා කරේ නෑ. [ මොකද මම මේ වෙලාව වෙනකොටත් WordPress 3.0 ගැන විශේශ ලිපියක් ලියන්න පටන් ගත්තා ( ආරංචි විදියට WordPress 3.0 මේ මාසේ අවසන් සතිය වෙද්දි එනවලු !) ]

හරි දැන් අපි පටන් ගනිමු !!

මුලින්ම ඔයලගේ කොම්පියුටරේ තියෙන notepad එක විවෘත කරගන්න. [ Apple mac පාවිච්චි කරන්නන්ට වෙනම ලිපියකින් මේක කරගන්න හැටි කියලා දෙන්නම්, මේක ලියන්නේ ජනෙල් පාවිච්චි කරන අයට ] හරි දැන් මෙන්න මේ කේතය ඔයාලගේ notepad එකට පිටපත් කරගන්න.
<?php
//get feedburner count
$whaturl=“https://feedburner.google.com/api/awareness/1.0/GetFeedData?uri=yourfeeds”;

//Initialize the Curl session
$ch = curl_init();

//Set curl to return the data instead of printing it to the browser.
curl_setopt($ch, CURLOPT_RETURNTRANSFER, 1);

//Set the URL
curl_setopt($ch, CURLOPT_URL, $whaturl);

//Execute the fetch
$data = curl_exec($ch);

//Close the connection
curl_close($ch);
$xml = new SimpleXMLElement($data);
$fb = $xml->feed->entry['circulation'];
//end get feedburner count

දැන් මේ කේතයේ පේලි දෙකක් විතර වෙනස් කරන්න වෙනවා අපිට, වෙනස් කරන්න ඔනේ එක පේලියක් තමා

$whaturl=“https://feedburner.google.com/api/awareness/1.0/GetFeedData?uri=yourfeeds”;

කියන එක. එහි yourfeeds කියන කොටස ඉවත්කරලා තමන්ගේ feeds සදහා වන නම දාගන්න ඔනේ. එතකොට මෙන්න මේ වගේ එන්න ඔනේ

$whaturl=“https://feedburner.google.com/api/awareness/1.0/GetFeedData?uri=dcreation”;

ඊලගට මේක අපි සුරකින්න ඔනේ ” rss.php ” කියන නමින්. තමන් කැමති තැනක. ඊට පස්සේ FileZilla FTP Client හරහා ඒක තමන්ගේ වෙබ් අඩවියේ / බ්ලොග් අඩවියේ ප්‍රධාන ගොණුවට [  root directory ] තුලට ඇතුල් කරගන්න. මම හිතන්නේ ඒක කරන හැටි ඔයාලා දන්නවා.

ඊලගට තියෙන්නේ අපි හදාගත්තු rss.php ගොණුව වෙබ් අඩවියේ හො බ්ලොග් අඩවියේ අපි කැමති තැනකට ඇතුල් කරගන්න එක. ඒ සදහා පහත කේතය බ්ලොග් අඩවියේ හො වෙබ් අඩවියේ කැමති තැනකට පිටපත් කරගන්න.

<?php include(“rss.php”); ?>

දැන් වැඩ ඔක්කොම ඉවරයි !! දැන් තියෙන්නේ එකම එක කේතයක් විතරයි, ඒ අපි හදාගත්තු කවුන්ටරේ පෙන්නන්න ඔනේ තැන පින්නන එක විතරයි. සරලව කිව්වොත් RSS FEEDS counter එක පෙන්නන්න ඔනේ තැන සදහන් කිරීම පමණි. ඒ සදහා තීමයේ ප්‍රධාන සැකැසුම් පිටුවට මෙන්න මේ කේතය එක් කරන්න [එක් කිරීමදි තමන්ට counter එක පෙන්නන්න අවශ්‍ය ස්ථානයට පමණක් එක් කිරීමට වග බලා ගන්න.

<?php echo $fb;?>

එච්චර තමා !! දැන් ඉතින් පොඩි ඇඩ් එකකුත් දෙන්න ඔනේ !! දකුණු අත පැත්තේ ඇති ලිපි ගෙදරටම කියලා කොටසක් අන්න ඒකේ ඔයාලගේ ඊමේල් එක දීලා හැමොටම කලින් මගේ අලුත් ලිපි ඔයාලගේ ඊමේල් එකට ගෙන්න ගන්න කියලා මතක් කරනවා.

එහෙම නම් මම යනවා , ආයි එන්නම් social networks & google chrome නාට්‍යත් එක්කලා.

EAVB_HRZCNVHETS

ප්‍රතිචාර 9 ක් “RSS Feeds කියවන ගණන ඉලක්කමෙන් දෙමු” සදහා ලැබී ඇත

  1. කට්ටිය කියවලා යමක් ඉගෙන ගත්තා නම් අඩුම තරමේ ස්තුතියි කියලවත් යන්න අමතක කරන්න එපා !! ” ස්තුතියි ” කියලා ටයිප් කරන්න යන්නේ තත්පර 6ක් විතරයි ;)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  2. ela ela thx machoo

    bt ko uba blogger lata daganna widiyak dala nahane thawama :(   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  3. එතකොට මට Feedbuner ගිනුමක් තියෙන අයට එකෙන් බලාගන්න පුලුවන් නේද ? මගේ Feedbuner Acc එකේ මගේ feeds යන සිංඩියකම නමයි ලිපිනයයි එන ගානයි වැටෙනවා  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  4. ela machoo thx 4 da infoo :)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  5. @Jayan: ඔන්න උඹ කිව්ව නිසා මේක ලිව්වා | හුටා උඹ බ්ලොගර් වලද? හිටු මම හොයලා බලලා ආයි මේක එඩිට් කරන්නම් ;)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  6. @Blﻪ८ĸ Cﻪէ: එලැස් !! උඹ ප්‍රොජෙක්ට් එක කරහන් කේ? නැතිනම් අර නාකි අම්මන්ඩී මාව කයි :P
    ප්‍රතිචාරයට ස්තුතියි (y)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  7. @Nadun Ranaweera: ඔව් ඒකෙනුත් බලා ගන්න පුලුවන්, ඒත් ඒ එහෙම බලාගන්න පුලුවන් ඒ ගිණුම අයිති කෙනාට විතරයි. මේකෙන් වෙන්නේ බ්ලොග් එක කියවන අයටත් දැකගන්න පුලුවන්, කී දෙනෙක් කියවනවාද කියලා  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  8. එම්බල නරය වහාම මෙය Blogger වල සිදුකරන අකාරය සත් දිනක් තුළ කියාදෙනු. නැතහොත් මගේ දැඩි උදහසට ලක්වෙනු ඇත . :D   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  9. @කසුන් නදීශන: හිටු හිටු ඒකත් හොයලා දෙන්නම් :D | මේ දවස් වල පොඩ්ඩක් විතර බිසී බන් පොඩි වලි සීන් එකක් යනවා ඒකයි ;)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් යොදන්න