Social Networks [part 2] :සමාජ ජාල අඩවි වල ලක්ශණ හා ක්‍රියාකාරිත්වය
කට්ටිය කොහොමද? කලින් ලිපියට හොද ප්‍රතිචාරයක් තිබුනා කියලා කියන්න පුලුවන්, මොකද ප්‍රතිචාර ක් උනාට ඒ ලිපිය කියවපු අය ගනණ 50කට වැඩියි. ඒ නිසාම මමහිතුවා මේකේ දෙවන කොටසත් ඉක්මනට දාන්න ඔනේ කියලා කලින් මම හිතන් හිටියේ තව දවස් 5කින් වගේ දාන්න. කලින් ලිපිය නොකියවපු කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ඒක කියවන්න පුලුවන්.
අද මම පල කරන්න හිතන් ඉන්නේ සමාජ ජාල වලට පොදු ලක්ශණ කිහිපයක් හා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක් ගැන තොරතුරු කිහිපයක්.. අහ් තවපොඩ්ඩෙන් අමතක වෙනවා… කලින් ලිපියෙදි මග හැරුණු කරුණු දෙක තුනක් තියෙනවා ඒවා මුලින්ම කට්ටියට දෙන්නම්.
කලින් ලිපියේ අන්තිමට මම කිව්වේ කියලානේ ඊට පස්සේ මම දැනට ජනප්‍රිය සමාජ ජාල අඩවි වල නම් දුන්නා.. ඒත් මට අමතක වුනා ඒවා කුමන පරම්පරාවට අයිතිද කියලාකියන්න. මමත් ඒ බව දැනගත්තේ විකිපීඩියා එකේ තිබුන Web 2.0 ලිපිය දැක්කට පස්සේ. ඒකේ තිබුන විදියට නම් Facebook , hi5 , MySpace , twitter වගේ සමාජජාල වෙබ් අඩවි අයිති වෙන්නේ අන්තර්ජාලයේ දෙවන පරපුර හෙවත් web 2.0 වලට. web 2.0 පරම්පරාවේ අඩවි වලට web 1.0 පරම්පරාවෙ වෙබ් අඩවි වලට වඩාවැඩිපුර පහසුකම් එක්වී තිබීම නිසාදො මන්දා ඒවා පරපුරේ අඩවි වලට වඩා ඉක්මනින්ම මිනිසුන් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ හේතුව නිසාම yahoo geocites වැනිපලමු පරපුරේ අඩවි දැන් දකින්නට නෑ. [ සොයන්නාට සම්බ වේ වගේ උත්සහයක් දැම්මොත් අඩුම ගානේ screenshot එකක්වත් හොයාගන්න පුලුවන් වෙයි]
social network අඩවි වල ලක්ශණ
social network හෙවත් සමාජ ජාල අඩවි වල තියෙන ලක්ශණ නම් ගොඩක් තියෙනවා. හරියට ලියනවා නම් ලක්ශණ ලිපි දෙකකටත් වඩා ලියන්න පුලුවන් කමක් තියෙනවාඒත් මෙතනදි කියන්නේ ප්‍රධාන වශයෙන් සියළුම සමාජ ජාල වෙබ් අඩවි වල දක්නට ලැබෙන පොදු ලක්ශණ හා එක එක අඩවියට පමණක් විශේශිත ලක්ශණයි.
කලින් කිව්වා වගේම දැනුත් කියන්න ඔනේ සමාජ ජාල වෙබ් අඩවි වලින් වැඩිහරියක් අයත් වෙන්නේ අන්තර්ජාලයේ web 2.0 පරපුරට. ඒක නිසාම බොහොවිට ගොඩක් අඩවිවලට එක හා සමාන ලක්ශණ තියෙනවා. උදාහරණයකට මාවම ගනිමුකො
කවුරු හරි, කාට හරි මා සමග සම්බන්ධතා පවත්වන්න ඔනේ නම් කරන්න ඔනේ දුරකතනඇමතුමක් දෙන එක විතරනේ
ඒත් එයින් ඔබ්බට ගිහින් සබදතා පවත්තන්න අවශ්‍ය නම්, එහෙම නැතිනම් විදෙස් ගතවෙලා ඉන්න කෙනෙක්ට නම් ? ඔන්න ඒ වෙලාවට කට්ටියටඑන උත්තරේ තමා මූණු පොත එහෙම නැතිනම් Facebook
ඔව් ඒක ඇත්ත මොකද දැනට ජනප්‍රිය සමාජ ජාලයක් වෙච්ච facebook එකේ මම අනිවාර්යෙන් ඉන්නවා.අන්න ඒ වගේ මේ සමාජ ජාල වෙබ් අඩවි ඒ ඒ පරිශීලකයාට අවස්ථාවක් ලබා දෙනවා ඒ අයටම වෙන්වුන ගිණුම් හදාගන්න. කැමතිනම් තමන්ගේ photos එකතු කරන්නත්පුලුවන්. ඔය වගේ ගොඩා…ක් තියෙනවා, මම ඉන් එකින් එක කියන්නම්.
- තමන්ටම වෙන් වු ගිණුමක් / පිටුවක් සාදා ගැනීමේ හැකියාව. අවශ්‍ය නම් එයට ජායාරූප එක් කිරිමට හැකිය
- එසේ සාදාගනු ලබන ගිණුම නැරඹිමේ සීමා පැනවිය හැක. බොහොවිට Facebook තුලදී නම් ඒ ඒ පුද්ගලායගේ යහළුවෙක් නම් පමණක් ඒ පුද්ගලයාගේ තොරතුරු බලාගන්න පුලුවන්.
- සාමාජිකයින් අතර සුහදතාව වර්ධනයට යම් යම් ක්‍රියාකාරකම් එක් කර තිබීම
- chat පහසුකම් ලබාදීම [ Facebook , MySpace , hi5 අඩවි තුල ]
ඒ වගේම මේ සමාජ ජාල අඩවි වල ක්‍රියා කාරිත්වයත් එකකට එකක් වෙනස් වෙනවා. දැන් අපි පොඩ්ඩක් ඒ ගැන හොයලා බලමු.
social network / සමාජ ජාල අඩවි වල ක්‍රියාකාරිත්වය
කලින් කිව්වනේ මේවා ඔක්කොම වගේ අන්තර්ජාලයේ දෙවන පරපුරට අයත් කියලා [ කියලා කියලාම එපා වෙනවා
] මම පොඩ්ඩක් හොයලා බැලුවා මේක පැහැදිලි කරන්න ක්‍රමයක් ජායාරූපයක් ඇසුරින්, ඒත් වැඩේ හරි ගියේ නෑ
අවශ්‍ය විදියේ එකක් ලැබුනේ නෑ. කරන්න දෙයක් නෑ ඇගිළි කඩාගෙන ටයිප් කරන්න ඔනේ
එක ෆොටො එකක් තියෙනවා, ඒක පැහැදිලි වැඩිද මන්දා.

ඔය ෆොටො කට්ටේ ඉන්නෙ මම
මේක facebook ජාලය ලෙස සැලකුවහොත් !!හ්ම්ම් එහෙම සලකලා facebook ජාලයේ ක්‍රියාකාරිත්වය කියන්නම් කෙටියෙන්. ඔන්න මම ඉන්නවා හරි මැද්දේ.. දැන් අපි හිතමු දන්න කියන කෙනෙක් [ලේසියට ගනිමුකො ඉන්දරේ අයියාව] මට එවනවා Friend request එකක් [උනේ ඒකේ අනිත් පැත්ත
මමයි එයාට යැව්වේ ] මම ඒක අනුමත කරොත් ,එතන අපි දෙන්නා අතර මිතුරු දමක් ගොඩ නැගෙනව. ඒක බොහොවිට වෙන්නේ ද්වීපාර්ශවික එකක් විදියට. එමගින් ඔහුට මගේ ගිණුමේ තියෙන තොරතුරු , ස්ටේටස් , පින්තූර වගේ ඒවා බලන්න පුලුවන්. ඒ වගේම ජාලය තුල මා සමග සම්බන්ධව ඉන්න අනිත් අය කවුද කියන එකත් බලාගන්න පුලුවන් [ වෙලාවට දැන් ඒක කරන්න බෑ ]
Facebook ජාලය ද්වීපාර්ශවික ජාලයක් වෙනවා වගේ මම සම්බන්දව ඉන්න අනිත් ජාලය Twitter එහෙම එකක් නම් නෙමේ. ඒක හාත්පසින්ම facebookට වඩා වෙනස් ක්‍රියාවලියක් යටතේ සිදුවෙන්නේ. සාමාන්‍ය ආකාරයට ගතහොත් twitter කියන්නේ ඒක පාර්ශවික ජාලයක්. facebook තුලදි අපි friend request එකක් හරහා තමා එකි එකා අතර සම්බන්ධතා ඇති කරගන්නේ. එහෙත් මෙහිදි වෙන්නේ කිසියම් අයෙක්ව ලුහුබැදීමක් [ follow] ඒ කියන්නේ කෙනෙක් මාව ලුහුබැන්ද පලියට ඔහු හා මා අතර facebook වගේ මිතුදමක් ඇති වෙන්නේ නෑ. ඒ සදහා මම ඒ ඒ පුද්ගලයාව හබා යන්න ඔනේ.
[ මෙහි ඇතුලත්වන සමහරක් කරුණු එක් එක් අඩවි වලින් හා cPlus සගරාවේ නවතම කලාපයේ ඉන්දරේ අයියා ලියන ලද ලිපියක් ඇසුරින් ලබා ගත් බව සලකන්න ]
social network / සමාජ ජාල අඩවි වලින් කරගත හැකි දේ
facebook , myspace , hi 5, twitter වගේ සමාජ ජාල වලින් එක් එක් ක්‍රියාකාරකම් කරගන්න පුලුවන්. twitter නම් ගොඩක් වෙලාවට තමන් ඒ මොහොතදි කරනා දේ පිලිබදව යම් පණිවිඩයක් ලබා දෙන්න පමණක් භාවිතා වෙනවා. [ status update] එමෙන්ම hi 5 , facebook , myspace වගේ ජාල තුල ජායාරූප හුවමාරුවට, විඩියො ගොණු හුවමාරුවට ඉඩ ලබා දෙනවා. අවශ්‍ය නම් පුද්ගල කාණ්ඩ එක්වී ගෲප් තනා ගනිම , කුඩා කුඩා ක්‍රීඩා හරහා විනොද්ස්වාදය ලැබීම කරනවා. [ අපේ රටේ ගොඩක් අය කාලයක් කරේ facebook ගිහින් barn buddy ප්ලේ කිරිල්ලනේ
සමහරන් එන්නෙම ඒකට ]
තව එකක් තියෙනවා micro blogging කියලා [ මමත් මුලින් මේ ගැන දැනන් හිටියේ නෑ]. මේකත් තවත් ජාල වර්ගයක්. ප්‍රධාන වශයෙන් වෙන්නේ අකුරු 140කට යටත්ව යම් පණිවිඩයක් ලබා දීමයි. මේ ජාල අතරට twitter , Identica අයත් වෙනවා. මේ වෙබ් අඩවි එච්චර ක්‍රියාකාරිත්වයක් නෑ වගේ පෙනුනට ලොකේ ඉන්න අයගෙන් දවසකට මේ වගේ අඩවියටක පිවිසෙන ගාන මිලියනයකට කිට්ටුයි.
[ micro blogging පිලිබදව කරුණු උපුටා ගත්තේ Ray (රේ) මාසික සගරාවේ එක් කලාපයක පලවු ලිපියකින්ය ]
මීට අමතරව wakoopa අඩවිය මගින් පරිගණක මෘදුකාංග පිලිබදව ජාලයක් ක්‍රියාත්මක කරනවා [ඒ පිලිබදව මේ දවස් වල හදාරන අතර මෙම අඩවිය පිලිබදව විස්තර සහිත ලිපියක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න]
———————————————————————————————– අදට ඇති වගේ. අත් දෙකේ ඇගිලි රිදෙනවා අප්පා ටයිප් කරලා. ඊලග පාර මොකඛරි ක්‍රමයක් හොයා ගන්න ඔනේ ටයිප් නොකර කටහඩින් කියන ඒවා මෙකේ ලියවෙන ක්‍රමයක් !!
අද ලියු කොටසට අයත් වෙබ් 2.0 පරපුරේ අඩවි කොටස උපුටා ගත්තේ එක්තරා ෆොරම් එකක පලවූ ලිපියක් ඇසුරින්ය. අවාසනාවට ඒ ලිපිය පල කල කෙනාගේ නම මතක නෑ
හදිස්සියෙවත් එයා මේක කියෙව්වොත් ප්‍රතිචාරක් මගින් මට දන්වන්න [spam සීන් එකක් කියලා ඒ ත්‍රෙඩ් එක ඒ ෆොරමයෙන් ඉවත් කරලා
]
අහ් අර උදාහරණයකට මම ඉන්දරේ අයියාගේ නම ගත්තේ ඒ වෙලේදි මතක් උන නිසා… නැතුව වෙන මුකුත් හේතුවක් නෑ.
කට්ටිය කියවලා ප්‍රතිචාරයකුත් දාලා Facebook , twitter වල share පාරකුත් දාන්න
මම ගිහින් එන්නම්



කට්ටිය කියවලා ප්‍රතිචාරයකුත් දාලා Facebook , twitter වල share පාරකුත් දාන්න
Dar[K](Quote)
machoo meke kiyapuwain samaharak ewa therenne na
Facebook ජාලය ද්වීපාර්ශවික ජාලයක් වෙනවා වගේ මම සම්බන්දව ඉන්න අනිත් ජාලය Twitter එහෙම එකක් නම් නෙමේ. ඒක හාත්පසින්ම facebookට වඩා වෙනස් ක්‍රියාවලියක් යටතේ සිදුවෙන්නේ. සාමාන්‍ය ආකාරයට ගතහොත් twitter කියන්නේ ඒක පාර්ශවික ජාලයක්. facebook තුලදි අපි friend request එකක් හරහා තමා එකි එකා අතර සම්බන්ධතා ඇති කරගන්නේ. එහෙත් මෙහිදි වෙන්නේ කිසියම් අයෙක්ව ලුහුබැදීමක් [ follow] ඒ කියන්නේ කෙනෙක් මාව ලුහුබැන්ද පලියට ඔහු හා මා අතර facebook වගේ මිතුදමක් ඇති වෙන්නේ නෑ. ඒ සදහා මම ඒ ඒ පුද්ගලයාව හබා යන්න ඔනේmeka thawa pahadili karala kiyahan GAC(Quote)
ඔයාගෙ අත්දෙක රිදෙනව උනාට මටනම් පොඩ්ඩක් අතගාල ගියා විතරයි වාගෙ හිතනව…. indika kumara(Quote)
@Dar[K]: වැඩේ නම් පන්කාදු 5යි මචො ඉක්මනට අනිත් ඒවාත් දාන්න mahesh(Quote)
@indika kumara:
මේකනේ මම තව ප්‍රොජෙක්ට් එකක් කරන ගමන් නේ මේක ලිව්වේ. ඒකයි එහෙම කිව්වේ.
ප්‍රතිචාරයට ස්තුතියි
Dar[K](Quote)
thanks for da info bt mukuth therune na kiwwa ewa
i mean සමාජ ජාල අඩවි වල ක්‍රියාකාරිත්වය
Jayan(Quote)
මරු මචන් එළ කිරි….! හාවා(Quote)
@හාවා: ප්‍රතිචාරයට ස්තුතියි බනී !!
Dar[K](Quote)
ela & thnxx sameera(Quote)
nice post dude keep it up
ᄊido尺i(Quote)
good post..!
Ansh Lucky Sri Jay(Quote)
@Ansh Lucky Sri Jay: u r welcome buddy
dont foget to share this post
Dar[K](Quote)
@ᄊido尺i: thanks bro !! Dar[K](Quote)
@sameera: ස්තුතියි ප්‍රතිචාරයට
| හරි මචො මම ඒක ගැන වෙනමම ලියන්නම් Dar[K](Quote)
@Jayan: ස්තුතියි ප්‍රතිචාරයට
@mahesh: එල ස්තුතියි කමෙන්ට් එකට
Dar[K](Quote)
@GAC:
හිටු මම ඒ ගැන වෙනමම ලිපියක් දාන්නම් Dar[K](Quote)
@Dar[K]: ok thx bro GAC(Quote)
patta machoo thx for da info
onna feed walata subcribe una Blﻪ८ĸ Cﻪէ(Quote)
හැබැයි අයියා Social Network වලින් ප්‍රයෝජනයක් තියෙනවා වගේම තමයි ඒකේ අනිත් පැත්තත් උදාහරණයක් විදියට ෆේස්බුක් ගන්න ෆේස් බුක් වලින් කොච්චර හොඳ වැඩ කරන්න පුලුවන් වුණත් මිනිස්සු ඒක යොදාගෙන තියෙන්නෙම ඕප දූප, වල් පල් කතා කරන්නනේ. අනිත් එක ඔය බාන් බඩී කෙරුවාව ගැනත් පොඩ්ඩක් හිතන්නකෝ. මේ Social Network නරක් කරගන්නේ අපිමයි ඒක හොද පැත්තට ගන්නත් ඕන අපිමමයි ඒක කරන්නේ නැති එක තමා ප්‍රශ්නෙකට තියෙන්නේ මම මේ Social Network වල වැරදි කිව්වා හෙම නෙමෙයි. හොද ලිපියක් අයියා මේක. ඔබට ස්තූතියි ඔබේ පෙර ලිපියේ දෙවැනි ලිපියත් දැම්මාට
සිතිජ සහන් හසාර හේවාගමගේ(Quote)
@Blﻪ८ĸ Cﻪէ: u r welcome machooo
Dar[K](Quote)
හොඳ ලිපියක් මචං.. ඕනම කෙනෙක්ට මේ ලිපි පෙළ කියවල සමාජ ජාල අඩවි පිළිබඳ හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්.. Mr.Ekenma(Quote)
Facebook ජාලය ද්වීපාර්ශවික ජාලයක් වෙනවා වගේ මම සම්බන්දව ඉන්න අනිත් ජාලය Twitter එහෙම එකක් නම් නෙමේ. ඒක හාත්පසින්ම facebookට වඩා වෙනස් ක්‍රියාවලියක් යටතේ සිදුවෙන්නේ. සාමාන්‍ය ආකාරයට ගතහොත් twitter කියන්නේ ඒක පාර්ශවික ජාලයක්. facebook තුලදි අපි friend request එකක් හරහා තමා එකි එකා අතර සම්බන්ධතා ඇති කරගන්නේ. එහෙත් මෙහිදි වෙන්නේ කිසියම් අයෙක්ව ලුහුබැදීමක් [ follow] ඒ කියන්නේ කෙනෙක් මාව ලුහුබැන්ද පලියට ඔහු හා මා අතර facebook වගේ මිතුදමක් ඇති වෙන්නේ නෑ. ඒ සදහා මම ඒ ඒ පුද්ගලයාව හබා යන්න ඔනේ
+1 Cesaro Dubee(Quote)
@Cesaro Dubee: thanks bro
Dar[K](Quote)
@Mr.Ekenma: අනිවා මචං ! මම මේක ලියන්න හිතුවෙත් අපේ මලයගේ පන්තියේ කට්ටියක් ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකකට කරපු එකක අඩුපාඩු දැකලා.
Dar[K](Quote)
ප්‍රතිචාරයට ස්තුතියි
හොඳ ලිපියක් මචං.. ප්‍රභූ(Quote)