ලාංකීය සිතුවිලි | නිල බ්ලොග් අඩවිය

මාර්තු 13, 2010

මෙහි පල කරනුයේ “ලාංකීය සිතුවිලි” නැමැති කියවනයේ නිල බ්ලොග් අඩවියෙන් උපුටාගත් ලිපියකි….

වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් හා ඊටත් පැරණි මානව ශිෂ්ඨාචාරයකට උරුම කම් කියන ලාංකීක අප දැන් මේ ගෙවා දමන්නේ පරිගණක තාක්ෂණ යුගයයි. අපේ ඉතිහාසය තුල, ආදිතමයන් විවධ වු අත්හදා බැලීම් හා විවිද ක්‍රම මගින් ලොවට අලුත් දෑ නිර්මාණය කර දුන්නද, ඉතිහාසයේ යම් යම් පරිච්ජේදයක් තුල අප ලබා ගත් දියුණවක් හෝ ඉදිරිපිම්මක් පැනීමට අවැසි දැනුමක් ගෙන හැර පාන්නට අසමත් විය. එය වු කලී අප ලද පරාජයකි. අපේ දියුණුවට, හෙට දවසට යොදා ගැනෙන නව දැනුම් හා සංකල්ප ඉදිරිපත් කීරිම අප සතු යුතුකම්ක් හා වගකීමක්ද වන්නේය. එනමදු උක්තයෙන් කී එම පරාජයම දිගට ඇදගෙන පැමිණි අප මේ වන විට පරිගණක ක්ෂේත්‍රය තුල යම් කිසි දියුණුවක් ලැබ ඇති බව කවුත් දන්නා පැහැදිලි කාරුණකි. එහෙත් එමගින්, අපේ භාෂාවෙන් අපට උවමනා පරිදි භාවිතයට ගැනීමට නොහැකිව බොහෝ කල් සිටීමට සිදුවිය.

සිංහල භාෂාව මගින් පරිගණකයේ වැඩ කිරීමට ඇති හැකියාව, සිංහල යුනිකේත පැමිණිමත් සමඟ වඩ වඩාත් වැඩි දියුණු හා ජනප්‍රිය විය. මෙය වු කලි අපි ලද විශාල ජයග්‍රහණයකි. එම නිසා සිංහල යුනිකේත නිර්මණයේ හා එම වැඩ පිළිවෙලට අත හිත දෙමින් උදව් උපකාර කල සැමට අපි අපේ ආචාරය මෙසේ මහත් වු අභිමානයනේ පුද කරන්නෙමු. සිංහලයෙන් ලියන්නට කියවන්නට බොහෝ දෙනෙකු සිටියත් පරිගණක ක්ෂේත්‍රය තුල ඒ කර්තව්යය කර ගැනීමට නොහැකි වු හෙයින් බොහෝ දෙනෙක් පසු තැවිලි වන්නට ඇත. “මට හිතෙන අදහස් මගේ විදිහට මට පල කල නොහැකි වු යුගය විද්‍යුත් හා මුදෘති මධ්‍ය මගින් ඒකාධිකාරයකට යටත් කර තිබුණු බව එදා ඔබට සිතෙන්නට ඇති. එහෙත් වර්තමානය තුල එය තව දුරටත් යථාර්තයක් වී නොමැත.

සිංහල යුනිකේත පැමිණිමත් සමග අප තුල සැඟව තිබු අපේ නිදහස් අදහස් කෙමෙන් කෙමෙන් පරිගණක ගත කර අන්තර්ජාලය හරහා ලොව වටා සිටින අපේම නෑයින් හට බෙදා හැරිම ඉතා සිඝ්‍රයෙන් සිදු වුණි. තනි තනිව ගිය ගමන එක්තැන් කරමින්සිංහල බ්ලොග් කියවනය, බ්ලොග් පාඨකයන් මෙන්ම බ්ලොග් ලියන්නන්ටද පහසුවක් ඇති කර දුනි. එමෙන්ම කොත්තු කියවනයද ඒ සඳහා රුකුලක් වු බව නිහතමානීව අප සඳහන් කල යුතුම වෙයි. එම සාමුහික බෙදා හැරීමේ කර්තවය සඳහා ඉතා මෑතකදි එක්වු ලාංකීය සිතුවිලි, කලින් සඳහන් කල කියවනයන් තුල තිබු විශේෂතා ද එක් කරගමින් නවමු මගක් ඔස්සේ මෙසේ කෙමෙන් කෙමෙන් පියමං කරමින් සිටියි. මේ ඉතා කෙටි කල තුල විශාල බාධක මහත් වු පරිශ්‍රමක් දරා විසඳා ගනිමින් ඉදිරයට ගලා යන ලාංකීය සිතුවිලි, ඔබ වෙත නවමු සංකල්ප හදුන්වා දී ඇත.

බ්ලොග් කියවනයක අවශ්‍යතාවය ඇති වන්නේ බ්ලොග් රචකයන් සිටිනම් පමණක් මෙන්ම ආධුනියන් කරලියට කැන්දා එමට බිලොග් කියවනයක් මනා පිටු බලයක් දෙන බවත් විශ්වාස කරන්නෙමු. දෙපැත්තම සමබර එකිනෙකා මත යැපෙමන් යන මේ ගමනට ලාංකීය සිතුවිලිද හැකි උපරිමයෙන් සහාය වන්නට අපේක්ෂා කරන්නෙමු

අන්තර්ජාලය තුල සෙමින් ගමනකට සැරසී සිටින ලාංකීය සිතුවිලි කියවනය සඳහා විශාල අඩුවක්ව පැවති නිල බ්ලොග් අඩවිය මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.ලාංකීය සිතුවිලි කියවනයේ විශේෂ නිවේදන, දැනුම් දිම් හා වෙනත් නිල නිවේදන සියල්ලම මෙය හරහා සිදුවන බව ඔබ සැමට ඉතා සතුටින් ප්‍රකාශ කරන්නෙමු. “වැඩි පහසුකම් යටතේ ‘ ලාංකීය සිතුවිලි ‘ එකම අඩවියකට” යන තේමාව ඔස්සේ ඔබ කරා පැමිණෙන අප, ඔබගේ යෝජනා හා චෝදනා ඉතා සතුටු සිතින් පිළිගන්නෙමු….

ඔබගේ යොජනා , චොදනා , අදහස්  ආදිය පහත විද්යුත් ලිපිනයට යොමු කරන්න  info@inetlanka.com |

14 Responses to “ලාංකීය සිතුවිලි | නිල බ්ලොග් අඩවිය”

  1. ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ ඉදිරි ගමන සර්ව්ප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියලා සුභ පතනවා……!!!!  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  2. පතනෙමි සුභා සිරි වෙනදා මෙන්……..!!!  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  3. ලාංකීය සිතුවිලි වෙනුවෙන් ඔබ දැක්වු සහායට තුති  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  4. අපි නම් දැන් SBU මගුලෙ පස් පාගන්නෙ නෑ. දන්න හැමෝටම කියන්නෙත් මේ සින්ඩියට එන්න කියල.  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  5. ලාංකීය සිතුවිලි අපි සැමදා ඔබ සමගයි  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  6. @ Manushan
    හ්ම්ම් ඔව් ඉදිරියටත් අලුත් විශේශාන්ග එක්ක එයි  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  7. @හසී
    නැතුව නැතුව  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  8. @ ruwansl
    හ්ම්ම් ඔව් සහොදරයා මමත් වැඩිය දැන් ඒ පැත්තට යන එක අඩු කරා  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  9. හෙහ් හෙහ්…
    ඒ පැත්තට යන එක අඩු කලාට මොකද තමන්ගෙ බ්ලොග් ඒකට පටවන එක නං අතාරින්නෙ නෑ නේද? :D   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  10. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ක්‍රියාකාරීත්වයේ ක්‍රියාකාරකම් පිළිබද අත්දැකීම් සමගින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යෑමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමි.  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  11. @ දේශප්‍රේමියා :
    :D   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  12. ela  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  13. ela  

    :)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  14. elakiri :)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම

Leave a Reply