උපන්දිනේට අලුත් වැඩක්
කලබල වෙන්න එපා අද නෙමෙ මගේ උපන්දිනේ ; තව හරියටම දවස් 19ක් තියෙනවා උපන්දිනේට
මේ දවසි ටිකේ ලියන්න හොද අදහස් එන්නේම නැති නිසයි හිතුවේ මේ ගැන ලියන්න [ නිදහස් මුදුකාන්ග ගැන ලියන ලිපියක් තියෙනවා පොඩ්ඩ පොඩ්ඩ ඒක ලියාගෙන යනවා] අද මම මේ කියන්න යන්නේ එදාට මම කරන්න හිතන් ඉන්න වැඩ කිහිපයක් ගැන. දැනටමත් ඒ වැඩකටයුතු ආරම්භ කරලා තියෙන්නේ….
කාලයක් තිස්සේ ඔලුවෙ තිබ්බ අදහසක් තමා මගේම කියල ඩොමේන් එකක් අරන් මගේම කියලා පොඩි කොම්පැණියක් දාලා [ ඔන්න ඉතින් හිනා වෙන්න එපා පොඩි එකාට හිතුන එවා කිව්වේ] කීයක් හරි හොයගන්නව කියලා.. ඔන්න ඒ වැඩේ මගේ යාලුවෙක් නිසා සම්පූර්ණ උනා !!!
ඒ වෙන කවුරුත් නෙමේ LKservers.com එකේ හිමිකරු එහෙම නැතිනම් අයිතිකාරයා නිශාන් කරුණාරත්න නිසා
ඔන්න ඉතින් මගේම කියලා ඩොමේන් එකක් ගත්තා [ www.dcreation.info] ඒ යටතේ තමා මේ සටහන් පොත එන්නේ… ඒ වගේම පොඩියට පටන් ගත්තා D. Creations කියලා පොඩි වෙබ් අඩවි නිර්මාණය කරන ආයතනයක් [ හැබයි ඒකේ තවම ඉන්නේ මමයි මගේ යාලුවෙකුයි විතරයි :p ] තවම පටන් ගත්තා විතරයි , ඒ උනාට අපි මේක ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ මගේ උපන්දිනේ දවසේ.
දැනටමත් මේ හරහා වෙබ් අඩවි දෙකක් නිර්මාණය වෙමින් පවතිනවා …
1.තරුණ ගායකයෙක් වන රඛිත වෙළංගොඩ ගේ නිල වෙබ් අඩවිය [මාර්තු මස 28 වන දිනට යෙදෙන ඔහුගේ උපන්දිනේ වෙනුවෙන් පිදෙන පොඩි තැග්ගක්
]
2. | The Kalliya | කියන මූණුපොතේ තියෙන ගෲප් එකේ නිල වෙබ් අඩවිය
දැනට නම් මේ දෙක විතරයි කරන්නේ… ඉදිරියේදි තව වෙබ් අඩවි කිහිපයක් නිර්මාණය කරන්න සැලසුම් කරන් ඉන්නවා. එසේ වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න ඔනේ කෙනෙක් ඉන්නවා නම් අප අමතන්න … පලමු වසර සදහා කිසිදු ගාස්තුවක් අය නොකරේ !!! මේ සදහා අනුග්‍රහකත්වය දක්කවන්නේ LKServers.com



මේ ගැන ඔබේ අදහස් දැනගන්න ආසයි | මෙතන කොටලා යන්න Dar[K](Quote)
wow apitath puluwan weida danne na
malith Dl(Quote)
අඩේ මැක්සා මචො අපිත් හෙල්ප් එකක් දෙන්නම් !!! දිගටම කරමු
ප්ලේන්ටියා(Quote)
එළ කිරි
පුලුවන් උදව්වක් අපිත් කරන්නම් මනුශාන්(Quote)
එක හොදයි තමන්ගෙම වැඩක් පටන් ගන්න එක… නැත්නම් හැමදාම අනුන්ගේ වැඩ තමයි කරන්න වෙන්නේ
මගෙන් සුබ පැතුම් වැප්(Quote)
සුභ පැතුම් මල්ලී. තම හිසට තම අතමය සෙවනැල්ල කියලා කතාවක් තියෙනවනේ… දක්ෂිණ(Quote)
එල ආ…..අපිත් උදව්වක් ඉල්ලුවොත් නොදී ඉන්නේ නෑ……
හසී(Quote)
අනිවා !! මම දන්නවා ඒ බව
Dar[K](Quote)
ඔව් ඔව් ඒක නම් ඇත්ත | තම හිසට තම අතමය සෙවනැල්ල
ස්තුතියි ප්‍රතිචාරයට …. Dar[K](Quote)
ස්තුතියි ප්‍රතිචාරයට…..
හැමදාම අනුන්ගේ වැඩ කරලා හරියන්නේ නැහැනේ || ඒකයි මම මගේම කියලා වැඩකට අත තිබ්බේ Dar[K](Quote)
එළ කිරි
Dar[K](Quote)
සුබ උපන් දිනයක් වෙන්න උපන් දිනේ දවසට
ඔන ආ අලුතෙන් වැඩක් පටන් අරන් වගේ අපේ සහයොගෙත් තියනව ඹන්න උදව්වක් ඔන්නම් කියන්න චතුරංග රූපසිංහ(Quote)
අහ්හ් තැන්කූ කිව්වා සුබ පැතුමට !! හැබයි තව කල් තියෙනවා !
එල එල අනිවා උදව් ඔනේ වෙයි Dar[K](Quote)
suba upandinayak sahodarya……ubata itin denna nam deyak naha…taw duratath oya hitan inna hamaema sartaka wela , sartaka wenna kiyala mama prartana karnwa ..e wagema ekata ona shaktiya dairyaya labenna kiyala patanwa….
machan wachana wardi nam sry..mama hadisiye type kare…uba dannawane mama dan yanna kiyala…bs tc jaya…………… sihina_lahiru(Quote)
අඩා කොල්ල, තා කාගේ අවසරක් ඇතුවද මේ FOSS ගැන ලියනවා කියන්නෙ ? මම APIIT FOSS සින්නක්කරේට අරන් කියල තා දන්නෙ නැතිද ? :-)
විහිලුවට කොල්ලො. මම ගිය අවුරුද්දේ FOSS-Con 2009 conference එකේ චඑයාර්මන්. මේ අවුරුද්දේ කරන්න කව්රුත් නෑ බන්. පුලුවන්නම් කරමු. මම උදව් කරන්නම්. තරිඳු(Quote)
මේ නිෂාන් ගොට්ටමද? හිත හොඳ කොල්ල. නැද්ද මෙයා. චානකlin(Quote)
yep
Dar[K](Quote)