ආපසු හැරී බැලීමක් | බ්ලොග්කරණයට මද විරාමයක්..

අගෝස්තු 23, 2010
උදව් කරපු,
කියවපු,
කමෙන්ට් දාපු,
අයට ගොඩාක් ස්තූතියි.
facebook , twitter වලින්
share කරපු
අයට ඊට වඩා ස්තූතියි.
ආ..  ඩාර්[ක්] , කලු මල්ලි , කළු කුමාරයා කියන නම් දාපු,
සාටා , චිප්කින් [chip king] වැනි කාර්ඩ් ගහපු,
NIBM හා APIIT මිතුරන්ටත් ස්තුතියි.
කාටහරි උදව්වක් කරන්න පුලුවන් උනානම්,
මගෙන් සේවයක් ඉටු වුනානම්,
ඒ ගැන සතුටු වෙනවා.
මේ විදියට සිංහල බ්ලොග් සමග වසර 1 1/4ක් ගෙවිලා ගියා.
එසේ නම් දෙන්න මට අවසර කෙටි විරාමයකට !

මම,

Dar[K]

[මාගේ නිර්මාණයක් නොවන අතර ජංජාලේ සැරි සරන කොට එක්තරා අඩවියක තිබෙනු දුටිමි [එක්තරා ෆොරම් එකක]එබැවින් මා හට අවැසි ලෙස පද ගලපා නැවත පල කරන ලදී]

ඉදිරි මසක කාලයක් තරමක් අවිවේකි වෙන බැවින් මද කලකට බ්ලොග්කරණයෙන් ඉවත්ව සිටීමට තීරණය කරන ලදී. එහෙත් අවස්ථාවක් ලදහොත් පේලී 2ක 3කවත් ලිපියක් දාලා යන්නම් මාසෙකට සැරයක්වත් :P නැතිනම් මාව අමතක වෙලා යයිනේ කස්ටියටම.

එසේ නම් දෙන්න මට අවසර කෙටි විරාමයකට !

10

Social Networks [part 3] : සමාජ ජාල භාවිතය හා බැදුන ගැටළු

අගෝස්තු 16, 2010

කාලෙකට පස්සේ මතක් වුනා කාලෙකින් මම ලියාගෙන ආව Social Networks ලිපි පෙලට අලුතින් ලිපියක් එහෙම ලිවේ නෑ කියලා. ඉතින් ඒ නිසා මම හිතුවාඅද ඒකේ 3 වන කොටස එක් කරන්න. මුල් කොටස් දෙකට හොද ප්‍රතිචාරයක් තිබුන මුත් ඉඩක් ලැබුනේ නැහැනේ මේ කොටස දාන්න. [ පලමු ලිපිය හා දෙවන ලිපිය කියවලා නැතිනම් කියවන්න ]

මේ පාර මම කතා කරන්න යන්නේ මේ සමාජ ජාල මගින් ඇතිවෙලා තියෙන හා ඇතිවෙන්න පුලුවන් ගැටළු ගැන කතාකරන්න. ඒත් අවාසනාවට වගේ මේ විදියට එක එක ප්‍රශ්ණහැදෙන්නට හේතුව වන්නෙත් ඒ ඒ ජාල භාවිතා කරන්නන්ගේ තියෙන අඩුපාඩුකම් නැතිනම් නොදැනුවත් කම කියලයි හැමොම කියන්නේ [ ඔන්න මම නම් නෙමේ කිව්වේ :P ]මොකද ගොඩක් අය කරන්නේ තමන්ගේ යහලුවන් කියන නිසා එක එක සමාජ ජාල වලට එක්වෙනවා මිසක් එඊවා ගැන වැඩිය හොයා බැලීමක් කරන්නේ නෑ. ඒකේ ප්‍රතිඵලඑනකොට සමහර විට අපි හොදටම පරක්කු වෙන්නත් පුලුවන් :)

ඒ නිසා අපි බලමු ප්‍රධාන වශයෙන් ඇතිවෙලා තියෙන පොදු ගැටලු දෙක තුනක් !

සමාජ ජාල තුල පෞද්ගලිකත්වය

ලංකාව වගේ රටක විශේශයෙන්ම සැලකිලිමත් වෙන්න ඔනේ මේ ගැන. අවාසනාවට අපේ රටේ අයගෙන් ඒ ගැන සැලකිලිපත් වෙන අය ඉන්නේ කීදෙනාගෙන් කීදෙනාද? මම දන්න විදියට සමාජ ජාල අඩවි වල ඉන්න අයගෙන් අඩුතරමින් 1/2ක්වත් මේ ගැන සැලකිලිමත් වෙන්නේ නෑ. විශේශයෙන් facebook අඩවිය සමග ගණුදෙණු කරනකොටමේ ගැන ලොකුවට හිතන්න ඔනේ !! ඒ මක් නිසාද යත් ඒ ඉන්න අය අතර හදුනන හො නොහදුනන අය ඉන්න පුලුවන්. ඒ අනුව එවන්නම් වාලේ එවන හැම friend request එකක්ම අනුමත කිරීම නම් ඇගට ගුණ නෑ.

විශේශයෙන් කාන්තා පාර්ශවයේ කෙනෙක් නම් කිසිලෙසක නොදන්න අයගෙන් එන අනුමත නොකර ඉන්න එක තමා වඩා හොද. ඒ මක් නිසාද යත් නොදන්න පුද්ගලයෙක් තමමිතුරන් අතරට එක් කරගනීම නිසා යම් විදියකින් තමන්ගේ ජායාරූප , විස්තර ආදිය වැරදි වැඩවලට යොදා ගන්නට පුලුවන් [ ගැත්තාට කමාකරත්වා ! මේ අදහස ඉස්සුවේ අපේ Ansh Lucky Sri Jayගේ facebook wall එකේ රන්දිල් අක්කා ලියපු එකකට කරපු reply එකකින් !]

අහ් මෙන්න මේ පෞද්ගලිකත්වය ගැන කතාකරන කොට වැදගත් සිද්ධියක් මතක්වුනා !! කට්ටියට මතකද දන්නේ නෑ කාලෙකට කලින් ලොකු කතාබහක් ගියා ලංකාවේ එක්තරාජනප්‍රිය වෙබ් අඩවියක [ ලංකාවේ තියෙන හොදම වෙබ් අඩවිය යැයි කියාගන්නා වැඩිම බ්ලොග් හොරු පිරිසකට නිවහන වූ ] පලවු thread එකක facebook හී ඉන්න ලාබාල තරුණියන්ගේ , ජනප්‍රිය නිළියන්ගේ ජායාරූප පලවෙන්න ගත්තා ? ඒක සිද්ධ වුනෙත් මෙන්න මේදේ ගැන වැඩි අවධානයක් යොමු නොකරපු නිසයි.

[ ඒ කාලෙදි සල්ලි බාගේ තිබුන ඇතැම් තරුණියන් මේ ගැන නීතී මගින් කටයුතු කරන්න යැම නිසා ඒ අඩවියේ ඇඩ්මින් මල්ලි තම අඩවියේ නම ආරක්ශා කරගන්න කියලා ඒවාමකලා දාන්න එකග වුනාලු !] | [ ඒත් ඒ වැඩේ ආයිමත් වෙන්න පටන් අරන් කියලයි ආරංචි ;) ]

තව මම දැක්ක එකක් තමයි මේ facebook එකේ ඉන්න අය තමන්ගේ ඔනේ දේයි එපාදේයි ඔක්කොම තම තමන්ගේ profile වලට එකතු කරලා !! පුද්ගලිකලිපිනය , පුද්ගලික දුරකතන අංකය , තම සහකරු / සහකාරිය ගැන විස්තර [ ගොඩක් වෙලාවට ඔහුගේ / ඇයගේ ජායාරූප පවා ] ඊමේල් ලිපිනයවගේ ඒවා සීමාවකින් තොරවපල කරලා. ඒවායින් වෙන්නේ තමන්ගේ තොරතුරු අනවශ්‍ය අයගේ අතට පත්වීමක් කියලා මෙයාලා හිතන්නේ නැත්තේ ඇයි??

කරදරකාරී වෙලද දැන්වීම්

කවුරු කවුරුත් හට ස්පැම් ඊමේල් ගැන අත්දැකීමක් ඇති මම හිතන්නේ. ඒත් ඔයාලා නිකමටවත් හිතුවද මේ විදියට කරදරකාරී ලෙස එන ස්පෑම් ඊමේල් හා මේ සමාජ ජාල අඩවිඅතර කිසියම් ආකාරයක සම්බන්ධයක් ගැන? එහෙම නැතිනම් ඒ කරදර කාරි [spam ] ඊමේල් එවන අය තමන්ගේ ඊමේල් එක හොයාගන්නේ කොහොමද කියලා?උත්තරය නෑ නම් මම මේ ඩිංගකට කලින් කිව්ව ටික ආයි කියවන්න !! උත්තර ඔව් නම් මෙතන ඉදලා පහලට කියවන්න !

ඇයි හත්දෙයියනේ සමාජ ජාල වල ඉන්න ගොඩක් අය තම තමන්ගේ ඊමේල් එක ප්‍රසිද්ධ කරල තියෙන විදියට ඔනේ කෙනෙක්ට ඒවා අරගන්න පුලුවන් නේද?

දැන් අපි මේ කතාකර සමාජ ජාල ගැනත් මේ දේ අදාලයි ! සමහරවිට ඔයාලා දන්නවාත් ඇතිනේ මේ වගේ සමාජ ජාල ලාභ උපයාගන්න එහෙම නැතිනම් ආදායම් එකතුකරගන්නේ ඒ ඒ අඩවියේ විවිධ පුද්ගලයන්ගේ වෙලද දැන්වීම පල කරලා. ඉතින් දැන් දැන් ගොඩක් සමාජ ජාල අඩවි මේ විදියට වෙළද දැන්වීම් පල කිරීම සීමා කරලා :)

Fake Profile නිර්මාණය කිරීම

දැනට facebook ජාලයේ තියෙන ලොකුම ගැටලුව තමා මේ. ගොඩක් වෙලාවට මේ දේ සිද්ධ වෙන්නේ අපේම තියෙන අඩුපාඩු නිසා කියන එක මතක් කරගන්නවා නම්තමා හොද ! දැනට මම දන්නා පරිදි facebook අඩවිය තුල තියෙන ගිණුම් වලින් 1/4ක්ම fake accountsලූ !! ඉතින් එහෙව් එකේ හරි කෙනා කවුද බොරුකෙනා කවුද කියලා හොයාගන්න එක නම් අමාරුයි.

ෆේක් ගිණුම් ගැන කතා කරාකරන නිසා තමා මේකත් මතක් වුනේ. ලංකාවේ ජනප්‍රිය පුද්ගලයින් කිහිපදෙනෙක්ගෙම fake facebook profiles තියෙන බවවාර්තා වෙලා තියෙනවා. මීට අමතවර කාන්තා පාර්ශවයේ අයගේ ජායාරූප රැගෙන ඒවා ඒ ඒ අයට මඩ ගැසීම සදහා ද මේ ආකරයට fake accounts නිර්මාණයකරන බවක් ආරංචි වෙලා තියේ. [ ජනප්‍රිය ගායිකාවක් , නිලියක් වූ අයෙක් තමාට අපහාස කරා ඇයි ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවියේ සාමාජිකයින් කිහිපදෙනෙක්ට නඩුපවරා තියෙනවා] [අගොස්තු 23වෙනිදායින් පස්සේ facebook එකටත් twitter එකේ වගේ Verified Account system එකක් හදුන්වාදෙන්න යනවලූ ]

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ තම තමන්ගේ ආරක්ශාව තමන් විසින්ම සලසාගත යුතුය !! විශේශයෙන් සමාජ ජාල අඩවි පරිහරණය කරනාවම් කිසි ලෙසක තමන්ගේපුද්ගලික තොරතුරු ඇතුලත් කිරීමෙන් වලකින්න !

———————————————————————————————–

අදට ඇති !! ඇගිලි රිදෙනවා !! ඒ එක්කම මේ social networks ලිපි පෙලට නැවතීමේ තිත තියනවා !මේ ගැන වැඩිදුර දැනගන්න කැමැති අය ඉන්නවා නම් cPlus සගරාවේ මැයි කලාපය බලන්න.

සුබ රාත්‍රියක් !

[ලිපිය හොදයි කියලා හිතෙනවා නම් පොඩි ප්‍රතිචාරයකුත් දාලා twitter , facebook වගේ ඒවායේ  share කරාට කමක් නෑ , අහ් යාලුවන්ටඊමේල් කරන්නත් පුලුවන් ;) ]

10

Adare Kathawak – Dilhan Ft. KaushiK [ලගදීම]

අගෝස්තු 10, 2010
මල් කැකුළු පරවෙලා වැටෙනා – උණු කදුලු නෙතු අගින් හැලෙනා
මගේ හිතම ඉරිතලා රිදෙනා – ආදරේ.. කතාවක් ..
මුළු රැයම නිදිවරා තැවෙනා – ඒ හීන බොද වෙලා මැකෙනා
රෑ යාමේ තනිවෙලා හඩනා – ආදරේ.. කතාවක්..

මාගේ මුවේ උණු කදුළු තැවෙරෙනා ආදරෙන් -යේමත් හිත හඩවන්නට ඉඩ දෙන්නේ නෑ //

ඇගේ සුවද මතකයෙන් මිදෙනා – මගේ හිතට තනිකමක් දැනෙනා
සිත හදමුළු දිවියෙන් වැකෙනා – ආදරේ .. කතාවක්
මුළු රැයම නිදිවරා තැවෙනා – ඒ හීන බොද වෙලා මැකෙනා
රෑ යාමේ තනිවෙලා හඩනා – ආදරේ.. කතාවක්

මාගේ මුවේ උණු කදුළු තැවෙරෙනා ආදරෙන් – ආයේමත් හිත හඩවන්නට ඉඩ දෙන්නේ නෑ
මාගේ මුවේ උණු කදුළු තැවෙරෙනා ආදරෙන් – ආයේමත් හිත හඩවන්නට ඉඩ දෙන්නේ නෑ //

ටිකක් වෙනස් විදියේ ලිපියක් තමා අද මේ දාන්නේ :) මේක එක විදියකින් ගීතයක් promote කිරිල්ලක් වෙන්න පුලුවන් :) ඇත්තම කියනවා නම් මේක මගේ යාලුවෙක්ගේ සින්දුවක්. දැනට මේක කරලා මාස දෙකක් විතර වෙනවා. ගීතයේ audio එක මම දන්න තරමකින් තවම නිකුත් කරලා නෑ. තියෙන්නේ කිහිප දෙනෙක් ගාව විතරයි [ මමත් ඒගොඩේ ඉන්නවාලූ!]

සිංදුව ලිව්වේ , මියුසික් කරේ :KaushiK Milinda සිංදුව පටිගත කරේ  The Audio Lab Studios හී   Udara Fernando විසින්.MiX,Mastrd කරේ  Nisal Gangodage අයියා. මම හිටියේ නැලූ ඒ වෙලේ :P

මේ ගීතයට ලස්සන  music video එකකුත් කරලා තියෙන්නේ ඒක කරේ _Fine Arts_ ආයතනය. ටිකක් අමුතු තාලයේ වීඩියො එකක් තමා ඒක. වැඩි විස්තරකියන්න ඔනේ නෑ ඒ ගැන මොකද තව සතියකින් ඒක මාධ්‍ය වෙත නිකුත් කරනවා ;)

ගීතයේ Audio Track එක ඔනේ අය ඉන්නවා නම් මෙතනට ගිහින් ගන්න පුලුවන් !! අහලා බලලා පොඩි ප්‍රතිචාරයකුත් දෙන්න අමතක කරන්න එපා !!

[ විශේශ ඉල්ලිමක් මත ගීතය ඉවත් කරන ලදී. අවශ්‍ය අයෙක් සිටීනම් තව දවස් 5ක් ඉවසා සිටින්න ]

20

Back In Action

අගෝස්තු 1, 2010

කස්ටිය කොහොමද? හ්ම්ම් හොදින් ඇති කියලා හිතනවා :) අද අලුත් දවසක්, අලුත් මාසයක්, අලුත් විඩියකට දවස පටන් ගත්තු දවසක් … බ්ලා බ්ලා බ්ලා …. හැමදේම අලුතින්අලුත් විදියට වෙනසකුත් එක්කම පටන් ගත්තු නිසා මට හිතුනා අලුත් විදියකට අද ඉදලා බ්ලොග් එකත් ලියන්න :)

ඒ නිසා උදේ පාන්දරම බ්ලොග් එක පැත්ති ආව බලන්න. හපොයි දැක්ක දෙයින් කලන්තේ වගේ මට .. ප්‍රතිචාර නොදැක්වු ප්‍රතිචාර [ ඒ කියන්නේ අනුමත නොකරපු ප්‍රතිචාර]45ක් !!! මට නිකන් හිතුනේ ආයි නරක හීනයක් දකිනවා කියලා එයින් 35ක්ම රුසියන්කාරයන් කිහිපදෙනෙක්ගේ හා ඉතාලි කාරයෙක්ගේ ස්පැම් ප්‍රතිචාර. මොනා කරන්නදඔක්කොම මකලා දැම්මා. අනිත් ටික මම ඔන්න අනුමත කරලා තියෙන්නේ [ ඒ අස්සේ රුසියන් IP ලිපිනයකින් ඇවිත් සිංහලෙන් ප්‍රතිචාර දැක්වපු එකකුත් තියෙනවා :D ]

ඔක්කොම කරල ඉවර වෙලා සින්ඩි ටිකට ගොඩවෙලා උදේ 9ට විතර කියවන්න ගත්තා බ්ලොග්ස් ! හිත ඇදිල ගිය පොස්ට් කිහිපයක් කියවලා ඉන් දෙක තුනක ප්‍රතිචාර දක්වලා facebook එකෙනුත් පොඩ්ඩක් share කරා. ඔය අස්සේ අපේ බ්ලොගී මාසෙකට එක පොස්ට් එකක් දානවා කියන අපවාදෙන් බේරෙන්න ලියපු ගිරා අඹ කතාව කියවලා උදේ කන්න ගත්තු කැම් එකත් තව පොඩ්ඩෙන් හිර වෙනවා  :P

ඔක්කොම කරලා ඉවර වෙලා මගේ බ්ලොග් එකට ආයි ලොග් වෙලා wordpress 3.0.1 ට යවත්කල් කරගත්තා !! හප්පා මාර ස්පීඩ් දැන් නම් කලින්ට වඩා ;) අනේ ඉතින් ලංකාවේ තියෙන “සුපිරි” අන්තර්ජාල සේවාවන්ට පින් සිද්ධ වෙන්න විනාඩි 1යි තප්පර 42ක් විතර යනවා සම්පූර්ණ බ්ලොග් එකම එන්න :( [ මේ ජනෙල් xpවල ගිනි නරියා 3.0 මගින්ය. ජනෙල් xp වල ක්‍රොම් තියෙනවා නම් විනාඩි 1යි තප්පර 12ක් විතර යනවා ;) | ජනෙල් 7 නම් ආයි කතා දෙකක් නෑ තවම යන්නේ තප්පර 52යි :D ]

ඒ එක්කම තීම් එකත් පොඩ්ඩක් වෙනස් කරා , එකම තීම එක දැකලා එපා වෙලා ඇතිනේ කට්ටියටම :P තීම් එක ගත්තේ මෙන්න මෙතනින් [ ඒත් මුලින්ම දැක්කේ පහන් අයියාගේ ඉංග්‍රිසි බ්ලොග් එකේ] ඒ එක්කම මෙච්චර කල් මම භාවිතා කරපු හොස්ටින් ප්ලෑන් එක වෙනස් කරන්න හිතන් ඉන්නවා ඉස්සරහට [ දැනට භාවිතා කරන්නේ LKservers blog promotion හොස්ටින් එකක් නේ , LKservers කට්ටියගෙම ප්ලැටිනම් හරි සිල්වර් හරි හොස්ටින් පැකේජ් එකක් ගන්න ඉන්නේ]ඒක ගත්තු ගමන් මම මගේ ඉංග්‍රිසි බ්ලොග් එකත් පටන් ගන්නවා :)

අහ් ඒ එක්කම පොඩි ඇඩ් එකක් දාන්න තියෙනවා Facebook ඉන්න අයට :) මේ තියෙන්නේ දැනට මම ඇඩ්මින් වෙලා ඉන්න ෆැන් පේජ් ටිකක් තවම ඒවා එක්ක එකතු වෙලා නැතිනම් එකතු වෙන්න කියලා පොඩි ආරාධනාවක් කරනවා :)

පින්තූරේ උඩ කොටලා පේජ් එකට යන්න :)

හරි එහෙම නම් මම කැපෙනවා

Håþþý FríeñÐshîþ Ðåý

23

Bruce Lee | කෙටි මතක සටහනක්

ජූලි 21, 2010

ඔක්කොටම කලින් කියන්න ඔනේ කාරණා දෙකක් තියෙනවා එකක් මේ ලිපිය ලියනුවේ ඊයේ දිනට බෲස් ලී අප අතරින් සමුගෙන  වසර 30ක් පිරීම නිමිති කරගෙන. දෙවන කාරණයසියලුම බයිස්කොප් සිංහලෙන් අඩවියේ රසිකයින්ගෙන් සමාව ඉල්ලීමට :( ඒ මීට මාසයකට විතර කලින් [ සමහරවිට ඊටත් වඩා වැඩි ඇති] මම බෲස් ලීගේ Enter TheDragon චිත්‍රපටියට සිංහල උපසිරැසි යොදන්න පටන් ගත්තා හරියටම ජූලි 20 වෙනිදට දෙන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන.  ඒත් අවාසනාවකට මෙන් මීට දිනකිහිපයකට කලින් යන්තන් තිබුන උණ ගතිය 18 වෙනිදා වැඩීවූ බැවින් හා වෛද්‍ය උපදෙස් වලට අනුව දින කිහිපයන් වීවේක ගත යුතුව තිබුන හෙයින් බලාපොරොත්තු වූආකාරයට සිංහල උපසිරැසිකරණය අවසන් කරගත නොහකී වීම නිසා එම චිත්‍රපටිය ලබා දීමට නොහැකී වීම ගැන :(

ඒ නිසා මම හිතනවා කට්ටිය ඒ ගැන මාත් එක්ක අමනාප නොවේවී කියලා. මම පුලුවන් තරම් ඉක්මනට ඒ චිත්‍රපටිය ලබා දෙන්න පොරොන්දු වෙනවා !! :) ඒ එක්කම මම හිතුවාබෲස් ලී ගැන කෙටි මතක සටහනන් තියන්න අපේ මේ සිංහල බ්ලොග් අවකාශයේ. [ දවස් 6කින් විතර කිසිම ආකාරයකින් කිසිම සින්ඩියක් කියවීමට නොහැකී වු නිසා යම්ලෙසකින් වෙනත් අය ලිව්වාද කියන්න නම් දන්නේ නෑ] ලිපිය සමහර විට දිග වැඩි වගේ මට හිතුනොත් කොටස් වශයෙන් පල කරන්න හිතන් ඉන්නවා :D

නුදුටු Bruce Lee

Bruce Lee කියලා අපි කිව්වට එයාගේ මුල් නම බෲස් ලී කියල නෙමේ තිබිලා තියෙන්නේ. Lee Jun-fan කියලා [ සමහරක් Lǐ Zhènfān යනුවෙන්හදුන්වන්වයි] බෲස් ලී උපත ලබා තියෙන්නේ 1940 November 27 ඇමරිකාවේ කැලිෆොනීයා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කො නගරයේ. තාත්තගේ නම LeeHoi-chuen අම්මාගේ නම Grace Ho ඒත් හැදී වැඩී තියෙන්නේ හොංකොං වල [බෲස් ට වයස මාස 3 වෙද්දි ඔක්කොම අය හොංකොං වලට ගිහින් තියෙනවා] බෲස්ලීට සහොදර සහොදරියො 4ක් ඉන්නවා Agnus,Phoebe,Peter and Robert කියලා.

නමේ තේරුම

Lee Jun-fan කියන්නේ බෲස්ගේ මුල් නම කියලා මම කිව්වනේ කවුරුත් දන්නවාද දන්නේ නෑ ඒ නමේ තේරුම? හරි මේ තියෙන්නේ ඒක :D ” Jun-fan”කියලා කියන්නේ නැවතත් කියන තේරුම දෙන වචනයක් [ return again] ඒ නම ඔහුට යොදලා තියෙන්නේ ඔහුගේ අම්මා විසින්. මීට අමතරව තවත් චීන නම් 3ක්බෲස්ට යෙදිලා තියෙනවා.

  1. Li Yuanxin (李源鑫) = පවුලේ නම හෙවත් වාසගම
  2. Li Yuanjian (李元鑒) = ශිශ්‍යයෙක් ලෙස La Salle Collegeහී ගත කරන අතර තුර
  3. Li Xiaolong (李小龍) = තරුණ මකරා

සටන් කලාවට යොමුවීම

කුඩා කාලයේ ඉදලාම බෲස් වීදි සටන් වලට යොමුවී ඇතිබවට සාක්ශී තියෙනවා. ඒවායේ ප්‍රතිපලයක් විදියට ඔහුගේ දෙමාපියන් තීරණය කරනවා බෲස්ට සටන් කලාව පිලිබදව නිසි අධ්‍යාපනයක් ලබාදිය යුතුය කියලා. ඒ අනුව තම පියා වෙතින් මාර්ශල් ආර්ට්ස් හෙවත් ආත්මාරාක්ශක සටන් කලාවට මූලික අඩිතාලම [  Wu style tai chi chuan] ලබාගන්නවා.

1954දී බෲස්ගේ සටන් කලා ජීවීතය ලොකු වෙනසකට පත් වෙනවා. Wing Chun කියන සටන් කලාවට [වැරදිනම් නිවැරදි කරන්න] වයස අවුරුදු 13දී යොමු වෙනවා. ඒ Wing Chun ගුරුවරයෙක් වු Yip Man මගින්. Yip ගුරුතුමාගේ ගේ පන්ති ප්‍රායොගික ඒවා වූ අතර එහිදී බෲස් chi sao (trapping hands) drills, wooden dummy techniques, free-sparring යන දේවල් ප්‍රගුණ කරා. එහෙත් බෲස් 100%ක සර්ව ආසියාතිකයෙක් නොවූ බැවින් Yip ගුරුතුමාගේ සිසුන් බෲස් ලී සමග පුහුණුවීම් වලට අකමැති විය. ඒ කාලයේදි ආසියාතික නොවන කෙනෙක්ට මෙම සටන් කලාව ඉගැන්වීම දඩුවම් ලැබිය හැකි මට්ටමේ වැරැද්දක්ද විය.

කෙසේ හො පාසල් යන වයසේ සිටම වීදි සටන් වලට යොමුවීම නිසා 1959දී නැවතත් ඇමරිකාවට යන්නට සිදුවිය. 1961දී වොශින්ටන් සරසවියට බැදුන බෲස් එහිදි රංග කලාව & නාට්‍ය හදාරන ලදීඅනතුරුව 1964දී විශ්ව විද්‍යාලයේදි හමුවු Linda Emery සමග විවාහ විය.  Brandon Lee හා Shannon Lee යනුවෙන් දරුවන් දෙදෙනෙක් ලැබුහ.

ඇමරිකානුවන්ට  ආත්මාරක්ශක සටන් කලාව ?

ඇමරිකාවට පැමිනීමෙන් පසුන බෲස් ලී ඇමෙරිකානුවන්ට සටන් කලාව උගන්වන පන්ති පවත්වා ඇත. Jun Fan Gung Fu ලෙස එකී සටන් කලා පන්තු නම් කර තිබූ අතර එහෙත් එය වඩා ප්‍රසිද්ධ වූයේ Bruce Lee’s Kung Fu යන නමින් ය. එහි මූලිකවම ඉගන්වන ලද්දේ Wing Chun සටන් ශිල්පයි. 1964දී බෲස් James Lee සමග එක්වී Jun Fan martial art studio යනුවෙන් ඇකඩමියක් පටන් ගත් අතර එය වේගයෙන් ජනප්‍රිය වෙන්න විය.

Jeet Kune Do සමග වූ බෲස් ලීගේ බැදීම

ජිට් කුං ඩො [ Jeet Kune Do ] කියන්නේ කවුරුත් දන්නා පරිදි බෲස් ලී විසින් Wing Chun සටන්කලාව වැඩිදිවුණු කිරීමකින් සාදා ගන්නා ලද සටන් ශිල්පීය ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ. එයට හේතුපාදක වෙලා තියෙන්නේ 1965දී බෲස් ලී හා Wong Jack Man අතර පැවති වීදි සටන් තරගයදී බෲස් ලී දිගින් දිගටම ලැබූ ප්‍රහාරයන්. එම තරගය දින් දිගට ඇදීයත්ම ඔහුට වැටහුනා Wing Chun ශිල්පීය ක්‍රම විතරක් දැනගෙන තීබ මදි කියලා මේ වගේ තරග වලින් දිනන්න. ඒ අනුව බෲස් ලී සිය පුහුණුවීම් වලට අමතරව weight training for strength, running for endurance, stretching for flexibility වැනි අංගද ඇතුලත්වන ක්‍රමයක් සාදාගත්තා එයට ඔහු විසින් දුන් නම වුයේ ” the style of no style

මේ තියෙන්නේ බෲස් ලී කෞතුගාරයේ තබා ඇති Jeet Kune Do emblem එකක් මෙහි තියෙන චීන අකුරු වලින් කියවෙන්නේ ” Using no way as way” හා ” Having no limitation as limitation” යන්නයි. ඊතල මගින් interaction between yang and yin පෙන්නයි.

———————————————————————————————-

අදට මේ ඇති වගේ ඇගට අමාරුයි මහන්සි ගතියක් දැනෙනවා. අනික දොස්ටරවරු කිව්වේ පුලුවන් තරම් විවේක ගන්න කියලා. මේ වෙලේ අමාරුවෙන් හරි මේ ලිපිය ලිව්වේ වෙන කරන්න දෙයක් නැති නිසා ගෙදර ඉදලා. මේකේ ඉතිරි කොටස සෙනසුරාදා හවසට [ බොහොවිට සෙනසුරාදා රාත්‍රී කාලයේ ] දෙන්නම් :) ඒ එක්කම පුලුවන් ඉක්මනට ෆිල්ම් එකත් දෙන්නම්.

ලිපියේ අඩුපාඩු තියෙනවා නම් සමා වෙන්න :) හදිස්සියේ ලිව්ව නිසා අඩුපාඩු ඇති, කැමති අය ඉන්නවා නම් මේක facebook,twitter වල share කරන්න

14